
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 දී සිදුකළ ජන හා නිවාස සංගණනයට අනුව මෙරට වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංඛ්‍යාව සියයට 18 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
2012 දී සිදුකළ සංගණනයේදී අනාවරණ වූ තොරතුරු අනුව එම සංඛ්‍යාව සියයට 12.4 ක පැවැතිණි.
මූලික වාර්තා අනුව 2024 දී මුළු ජනගහනය මිලියන 21.7 දක්වා වැඩි වී ඇති අතර වර්ධන වේගය 2021 දී පැවැති සියයට 0.7 අගයේ සිට සියයට 0.5 දක්වා පහත වැටී තිබේ.
ඒ අනුව, අග්නිදිග ආසියාවේ වේගයෙන්ම වයස්ගත වන ජනගහනය සිටින රට ශ්‍රී ලංකාව බව මුදල් අමාත්‍යාංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ශිරන්ති රත්නායක පවසයි.
එමෙන්ම ඇය පෙන්වාදෙන්නේ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියක් සකස් කෙරෙන්නේ වැඩිහිටියන් පමණක් සැලකිල්ලට ගෙන නොවන බවත්, සමාජ ආරක්ෂණ ක්‍රමෝපාය තුළ සමාජ ආරක්ෂාව ඉතා වැදගත් බවත්ය.
වසර 2040 වන විට පුද්ගලයන් හතරදෙනෙකුගෙන් එක් අයෙක් වැඩිහිටි කණ්ඩායමට අයත් වනු ඇති බවත්, එහිදී සෞඛ්‍ය, ජීවිත අධ්‍යාපනය, වයෝවෘද්ධ සත්කාර සහ ශ්‍රම වෙළඳපොළ සංවර්ධනය සඳහා නිසි සැලසුමක් තිබිය යුතු බවත් ඇය පෙන්වාදෙයි.
මේ අතර ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ කේ.චතුර මිහිදුම් පවසා ඇත්තේ, ග්‍රාමීය මට්ටමින් වැඩිහිටි කමිටු 11,500ක් ඇති අතර ඉන් සියයට 50-60ක් පමණක් ක්‍රියාත්මක වන බවයි.
රට තුළ වැඩිහිටි නිවාස 456ක් ඇති නමුත් ඉන් ලියාපදිංචි වී ඇත්තේ 136ක් පමණක් බව ද ඔහු පෙන්වාදෙයි.
“2006 ප්‍රතිපත්තිය වෙනුවට දැන් කෙටුම්පත් කෙරෙන වැඩිහිටි ප්‍රතිපත්තිය යටතේ, සියලුම වැඩිහිටි නිවාස ලියාපදිංචි කිරීම අනිවාර්යය කිරීමට පමණක් නොව බලධාරීන්ට ඒවා අධීක්ෂණය කිරීමටද බලකෙරෙන නියාමන රාමුවක් ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා,” ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart