August 14, 2025

වැල්ලවත්තේ ආයුර්වේද ස්පා ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටළීමෙන් විදේශීය කාන්තාවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලැබුණු තොරතුරක් මත පොලිසිය ඊයේ රාත්‍රියේ වැල්ලවත්ත ස්ටේෂන් පාරේ පිහිටි ගණිකා නිවාසය වටළා තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 30 ත් 40 ත් අතර වන අතර ඔවුන් සියලු දෙනාම විදේශීය ජාතිකයන් වේ.

වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.