
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අගෝස්තු 15 වැනිදා උතුර-නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට සැලසුම් කර තිබූ හර්තාල ව්‍යාපාරය අගෝස්තු 18 සඳුදා දක්වා කල්දමා ඇතැයි ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පවසයි.
එම පක්ෂය පවසන පරිදි, මන්නාරම රදගුරුතුමාගේ ඉල්ලීමකට අනුව මෙම දිනය වෙනස්කර ඇති අතර, අගෝස්තු 15 වන දින මඩු දේවස්ථානයේ විශේෂ උත්සවයක් පැවැත්වීම ඊට හේතුවයි.
මන්නාරම රදගුරු පදවිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව පල්ලියේ උත්සවය හා නල්ලූර් විහාරස්ථානයේ උත්සවය පිළිබඳ සලකා බලා හර්තාල් ක්‍රියාමාර්ගය කල්දැමීමට සංවිධායකයන් තීරණය කර ඇත.
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන ලේකම් එම්.ඒ.සුමන්තිරන් සහ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ සභාපති සී.වී.කේ.ශිවඥානම් උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විරෝධය පළකිරීම සඳහා උතුරු නැගෙනහිර ප්‍රදේශය පුරා කඩසාප්පු සහ කාර්යාල වසාදමා අගෝස්තු 18 වැනිදා හර්තාලයට සහාය දෙන ලෙසයි.
මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී ශ්‍රී ලංකා යුදහමුදා සෙබළුන් විසින් පුද්ගලයකු ඝාතනය කරන ලදැයි චෝදනා කරමින්, ඊට විරෝධයපා ඉලංකෙයි තමිල් අරසු පක්ෂය අගෝස්තු 15 වැනිදා උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙම හර්තාලය කැඳවා තිබිණි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ප්‍රකාශ කළේ, 32 හැවිරිදි එදිර්මානසිංහම් කබිල්රාජ් නමැති පුද්ගලයෙකුගේ මළසිරුර මුත්තයියන්කට්ටු වැවේ තිබී අගෝස්තු 09 වනදා සොයාගත් බවයි.
ඔහු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු හමුදා කඳවුරකට කැඳවා දරුණු ලෙස පහරදී දින දෙකකට පසුව මෙලෙස මළසිරුර හමුවූ බවත් ඔවුහු චෝදනා කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart