
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්‍රමානුකූලව සිදුකෙරෙමින් ඇති අලි ඇතුන් විනාශය හේතුවෙන් මෙරට අලි ගහණය බරපතළ අභියෝගවලට මුහුණ පා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ලෝක අලි දිනය වෙනුවෙන් උඩවලව ජාතික වනෝද්‍යානයේ වන අලියකුගේ ඉදිරිපිට සිට වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, මෙම වටිනා සම්පත රැකගැනීමට රට කඩිනමින් ක්‍රියාකළ යුතු බවයි.
විසඳුමක් නොමැති අලි මිනිස් ගැටුම හේතුවෙන් රටට අලි ඇතුන් අහිමි වන අතර, අනෙක් පසින් මිනිස් ජීවිත හා දේපළ අහිමිවන බවත්, මෙම ගැටළුවට තිරසාර විසඳුමක් තවම සොයාගෙන නොමැති බවත් ඔහු පැවසුවේය.
අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන සංරක්ෂණ ක්‍රමෝපායන් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළයුතු බව පැවසූ විපක්ෂ නායකවරයා, වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙම තීරණාත්මක මොහොතේ වුවද යම් ප්‍රමාණයකට තත්ත්වය කළමනාකරණය කරගැනීමට හැකි බවයි.
ශ්‍රී ලංකාවේ අලි ගහනය රටේ ස්වභාවධර්මය මත පදනම් වූ සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීමටත්, එමඟින් ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමටත් යොදාගත හැකි බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ, තිරසාර සංවර්ධනයේ මාධ්‍යයක් ලෙස ස්වභාවධර්මය කේන්ද්‍ර කරගත් වනජීවී සංරක්ෂණ උපාය මාර්ගයක් ක්‍රියාත්මක කළ හැකි බවයි.
මෙම උතුම් සම්පත ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුමයේ කොටසක් ලෙස ආරක්ෂා කර අනාගත පරපුරට දායාද කළ යුතු බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
අලි මිනිස් ගැටුම ඵලදායි ලෙස කළමනාකරණය කරමින් රටේ අලි ගහණය ආරක්ෂා කර ගැනීමට රටම එක්විය යුතු බවත්, ක්‍රමානුකූල කළමනාකරණයක් තුළින් මිනිස් ජීවිත, දේපළ හා කෘෂිකර්මාන්තය ආරක්‍ෂා කළ හැකි බවත් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart