
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් මිනිස් ජාවාරම් ක්‍රියාකාරකම්වල නව රැල්ලක් පිළිබඳ ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඔවුන්ට ලැබී ඇති තොරතුරුවලින් පෙනී ගොස් ඇත්තේ මෙම ජාල සියලුම රටවලින් පුද්ගලයන් 50,000කට අධික සංඛ්‍යාවක් ජාවාරමට ආකර්ෂණය කරගනිමින් ප්‍රවාහනය කිරීමට උත්සාහ කරන අතර ශ්‍රී ලාංකිකයන් ද එම මූලික ඉලක්ක අතර සිටින බවයි.
ලැබී ඇති තොරතුරුවලට අනුව, දුරස්ථ ප්‍රදේශවල ඊට අදාළව නව මධ්‍යස්ථාන පහක් පිහිටුවා ඇති බව වාර්තා වේ.
මෑත කාලීන තොරතුරු සහ මිනිස් ජාවාරම් රටා උපයෝගී කරගනිමින් කළ සොයා බැලීම්වලදී පෙනීගොස් ඇත්තේ ජාවාරම්කරුවන් රැකියා සොයන්නන් ආකර්ෂණය කර ගැනීමට නොමඟ යවන මාර්ගගත දැන්වීම් සහ වංචනික රැකියා දීමනා භාවිත කරමින් සිටින බවයි.
පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු මෙම ස්ථානවලට ජාවාරම් කර ඇති බව තහවුරු වී ඇතැයි ද ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය පැවසීය.
ඩුබායි හි සේවය කරන අතරතුර වින්දිතයන් කිහිප දෙනෙකු මෙවැනි වංචාවලට ආකර්ෂණය වී වංචා මධ්‍යස්ථානවලට බඳවාගෙන ඇති බවත්, ඉතිරි ශ්‍රී ලාංකිකයන් සමාජ මාධ්‍ය වේදිකාවල පළකළ ව්‍යාජ රැකියා දැන්වීම් හරහා ශ්‍රී ලංකාවෙන් සෘජුවම බඳවාගෙන ඇති බවත් ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය පැවසීය.
මෙම වංචා මධ්‍යස්ථානවලින් බේරාගත් වින්දිතයන්, විදුලි සැර වැදීම ඇතුළු වධහිංසා පැමිණවීමේ වේදනාකාරී අත්දැකීම් හෙළි කර තිබේ.
එමගින් තවමත් සිරවී සිටින අයගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ බරපතළ කණස්සල්ල මතු කරයි.
මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය සහ ලාඕසය වැනි අග්නිදිග ආසියානු රටවල මාර්ගගත රැකියා දැන්වීම්වලට ප්‍රතිචාර දැක්වීමේදී දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත්, ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ (SLBFE) ලියාපදිංචි වීමෙන් රැකියා අරමුණු සඳහා ආරක්ෂිතව විදේශගත වීමට නීත්‍යනුකූල ක්‍රියාපටිපාටි අනුගමනය කරන ලෙසත් ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ජනතාවට සුපරීක්ෂාකාරීව සිටින ලෙසත්, ඕනෑම සැක සහිත බඳවා ගැනීමේ ක්‍රියාකාරකමක් මෙරට අදාළ බලධාරීන්ට වාර්තා කරන ලෙසත් එම බලකාය දැනුම්දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart