August 12, 2025

කොළඹ-මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 26 දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

පොලිසියට අනුව, අද (12) අලුයම 3:00 ට පමණ මාදුරෝය සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

තුවාල ලැබූ පුද්ගලයන් පොළොන්නරුව, මින්නේරිය සහ හිඟුරක්ගොඩ රෝහල්වලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූවන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.