
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ප්‍රකට වාර්තාකරුවකු වන අනාස් අල්-ෂරීෆ් ඇතුළු අල් ජසීරා ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු මියගොස් ඇති බව එම පුවත් සේවය පවසයි.
අල්-ෂරීෆ් සහ තවත් වාර්තාකරුවකු වන Mohammed Qreiqeh, කැමරා ශිල්පීන් වන Ibrahim Zaher, Mohammed Noufal සහ Moamen Aliwa ප්‍රහාරය එල්ල වනවිට රෝහලේ ප්‍රධාන ගේට්ටුව ආසන්නයේ ජනමාධ්‍යවේදීන් සඳහා ඉදිකර තිබූ කූඩාරමක සිටි බව අල් ජසීරා වාර්තා කර තිබේ.
ඉරිදා එල්ල වූ මෙම ප්‍රහාරය සහ ඉලක්කගත ඝාතනය ජනමාධ්‍ය නිදහසට එරෙහිව එල්ල වූ ඊශ්‍රායලයේ තවත් සැලසුම් සහගත ප්‍රහාරයක් බවට ද අල්ජසීරා පුවත් සේවය චෝදනා කරයි.
මේ අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ජනමාධ්‍යවේදී අනාස් අල්-ෂරීෆ් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කළ බව තහවුරු කර තිබීම විශේෂත්වයකි.
හමුදාව පවසන්නේ ඔහු හමාස් සංවිධානයේ ත්‍රස්තවාදී කොට්ඨාශයක ප්‍රධානියා ලෙස සේවය කළ බවයි.
ඔහු ඊශ්‍රායල් සිවිල් වැසියන්ට සහ හමුදා භටයින්ට රොකට් ප්‍රහාර එල්ල කළ බව ද හමුදාව චෝදනා කරයි.
මේ අතර අන්තර්ජාතික ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව ප්‍රකාශ කළේ, ප්‍රහාරයෙන් තමන් කම්පනයට පත් වූ බවත්, අල්-ෂරීෆ්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂි සැපයීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවයි.
එය ඊශ්‍රායලයේ රටාවක් බවත්, සාමාන්‍යයෙන් ඊශ්‍රායල හමුදා විසින් ජනමාධ්‍යවේදියෙකු මරාදමනු ලබන අතර ඊශ්‍රායලය ඔවුන් ත්‍රස්තවාදියකු බව පසුව ප්‍රකාශ කරන බව ද, එම ප්‍රකාශයන් සනාථ කිරීමට ඉතා සුළු සාක්ෂි සපයනු ඇතැයි ද කමිටුවේ ප්‍රධාන විධායක නිලධාරී Jodie Ginsberg බීබීසී පුවත් සේවය වෙත පැවසීය.
අල් ජසීරා හි කළමනාකාර කර්තෘ මොහොමඩ් මෝවාඩ් බීබීසීයට පවසා ඇත්තේ, අල්-ෂරීෆ් යනු ගාසා තීරයේ සිදුවන්නේ කුමක්ද යන්න දැනගැනීමට ලොවට එකම හඬ වූ පිළිගත් ජනමාධ්‍යවේදියෙකු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart