August 11, 2025

පිලිපීනයේ පැවති ‘මිස් ටුවරිසම් යුනිවර්ස් 2025’ තරඟයේදී කිරුළ දිනාගැනීමෙන් පසු ශ්‍රී ලාංකික ගායිකා ආදිත්‍යා වැලිවත්ත අද උදෑසන දිවයිනට පැමිණියාය.

ජූලි 30 සිට අගෝස්තු 8 දක්වා මැනිලා නුවර පැවැති මෙම තරඟයට රටවල් 17 කින් තරඟකාරියන් 17 දෙනෙක් සහභාගී වී ඇත.

එහිදී ‘අන්තර්ජාතික සංචාරක රැජින’ යන ප්‍රධාන සම්මානය සමඟින්, ආදිත්‍යා වැලිවත්ත විශේෂ සම්මාන දෙකක් ද ලබාගෙන තිබේ. එනම්, හොඳම ජාතික ඇඳුම සහ වඩාත්ම පියකරු ලෙස ඡායාරුපවලට පෙනීසිටීම යි.

ආදිත්‍යා වැලිවත්ත, අද (11) අලුයම 12:20 ට තායිලන්තයේ බැංකොක් සිට තායි එයාර්වේස් ගුවන් යානයෙන් TG-307 ගුවන් යානයෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට පැමිණියාය.