
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර 32කට පසු ශ්‍රී ලංකාවේ ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවැසීය.
මෙම සමුළුව අගෝස්තු 12 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, තරුණ තරුණියන් 6,000 කට වැඩි පිරිසක් ඊට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රට පුරා ග්‍රාමසේවා කොට්ඨාශ 14,002 න් 12,700 කට අධික සංඛ්‍යාවක දැන් යෞවන සමාජ පිහිටුවා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ගුණසේකර සඳහන් කරයි.
සියලුම ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සමුළු පිහිටුවීම අවසන් කර ඇති අතර, සමහර සමාජ අක්‍රියව පැවති සහ දිස්ත්‍රික් සමුළු හයක් පවත්වා නොමැති පෙර අඩුපාඩු මෙම ජාතික සමුළුව හරහා සපුරාලිමෙට අපේක්ෂා කෙරේ.
ජාතික සමුළුව සඳහා තෝරාගත් තරුණ පිරිස සඳහා පුහුණුව දැනටමත් සිදුවෙමින් පවතින බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න පැවසීය.
මෙම අවස්ථාවේදී යෞවන සමාජ සඳහා නව නිලධාරී මණ්ඩලයක් හඳුන්වාදීම ද සිදුවන බව ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart