August 11, 2025

අපේ ජන­බල පක්ෂයේ මහ­ලේ­කම් වේදි­නි­ගම විම­ල­තිස්ස හිමි­යන් පැහැ­ර­ගෙන ගොස් බියගන්වා 2020 වසරේ පැවති මහ­මැ­ති­ව­ර­ණයේ දී එම පක්ෂ­යට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනී­මට අවශ්‍ය ලිය­වි­ලි­ව­ලට බල­හ­ත්කා­ර­යෙන් අත්සන් ගැනීම සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­යට අදා­ළව සැක­පිට හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී අතු­ර­ලියේ රතන හිමි­යන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීහු විම­ර්ශන පව­ත්වති.

අතු­ර­ලියේ රතන හිමියෝ රැඳීසිටින රාජ­ගි­රියේ සඳ­හම් සෙවණ වෙත ද අවස්ථා කිහි­ප­ය­ක­දීම ගොස් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සොයාබලා ඇතත් එහි ද රතන හිමි නොමැති බව උසස් පොලිස් නිල­ධා­රි­යකු පැවැ­සීය.

මේ තත්ත්වය මත රතන හිමි සැඟවී සිටින්නේ යැයි අනු­මාන කළ විහා­ර­ස්ථාන සහ භාවනා මධ්‍ය­ස්ථාන මෙන්ම නිවාස සංකීර්ණ ද කොළඹ අප­රාධ කොට්ඨා­සයේ පරී­ක්ෂා­වට ලක්ව තිබේ. එහෙත් ඒ කිසිදු ස්ථාන­ය­කට රතන හිමි පසු­ගිය දින කිහි­පය තුළ පැමිණ නැති බව අනා­ව­ර­ණය වී ඇත.

සිය ජංගම දුර­ක­ත­නය පවා අක්‍රිය කර සැඟවී සිටින අතු­ර­ලියේ රතන හිමි­යන්ට රටින් පළා­යා­මට නොහැකි ආකා­ර­යට ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙ­ළක්ද සකස්කර ඇති බව කොළඹ අප­රාධ කොට්ඨා­සය සඳ­හන් කරයි.

එව­කට ජනා­ධි­ප­ති­ව­ර­යාව සිටි ගෝඨා­භය රාජ­පක්ෂ සහ බස්නා­හිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ලෙස සේවයේ නිර­තව සිටි දේශ­බන්දු තෙන්න­කෝන්ගේ සම්බ­න්ධ­යක් මෙම පැහැ­ර­ගැ­නී­මට ඇති බව පැමි­ණි­ල්ලෙහි සඳ­හන් වන බව කොළඹ අප­රාධ කොට්ඨා­සය සඳ­හන් කරයි.

ඒ අනුව දේශ­බන්දු තෙන්න­කෝන්ගෙන් සහ ගෝඨා­භය රාජ­පක්ෂගෙන් ප්‍රශ්න කිරී­මට නිය­මි­තව ඇති බව කොළඹ අප­රාධ කොට්ඨා­සයේ තොර­තුරු සඳ­හන් කළේය.

මේ අත­රින් දේශ­බන්දු තෙන්න­කෝන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට බොහෝ ඉඩ­කඩ තිබෙන බව පොලිස් මූල­ස්ථා­නය තොර­තුරු සඳ­හන් කළේය.

මෙම පැහැ­ර­ගැ­නීම සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අතු­ර­ලියේ රතන හිමි­යන්ට ලබා­දී­මට අවශ්‍ය ලේඛ­න­ව­ලට අත්සන් තැබී­මට බල­කි­රීම සම්බ­න්ධ­යෙන් දේශ­බන්දු තෙන්න­කෝන්ගේ සම්බ­න්ධ­යක් ගැන පැමි­ණි­ල්ලෙහි පැහැ­දි­ලි­වම සඳ­හන් වන බව කොළඹ අප­රාධ කොට්ඨා­සයේ තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

වසර 05කට පමණ පෙර සිදුවූ මෙම සිදු­වීම සම්බ­න්ධ­යෙන් මේ වන­විට සැක­ක­රු­වන් දෙදෙ­නෙකු අත්අ­ඩං­ගුව‍ට ගෙන ඇත. පළමු සැක­කරු අත්අ­ඩං­ගු­වට ගන්නේ පසු­ගිය ජූලි 20 වැනි­දාය. වේදි­නි­ගම විම­ල­තිස්ස හිමි­යන් පැහැ­ර­ගෙන සිර කර තබා­ගැ­නීම සම්බ­න්ධ­යෙන් ඔවුන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගත් බව කොළඹ අප­රාධ කොට්ඨා­සය සඳ­හන් කළේය. කටු­වන, කිරි­මා­න­ගොඩ පදිං­චි­ක­රු­වකු වන එක් සැක­ක­රු­වෙක් අවු­රුදු 35ක් වය­සැති අයෙකි. මෙම සැක­කරු කටු­වන නන්ද­සීහ හිමි නමින් පැවිදි වී සිටි අයෙක් බව විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී තිබේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙන අය­කුට දීමට මැති­ව­රණ කොමි­ස­මට ලබා­දී­මට අවශ්‍ය ලේඛ­න­ව­ලට තමා අත්සන් නොකළේ නම් ඝාත­නය කිරී­මට සූදා­න­මක් තිබූ බව ද වේදි­නි­ගම විම­ල­තිස්ස හිමියෝ පොලී­සි­යට පවසා තිබු­ණහ. එම ඝාත­නයේ චෝද­නාව පක්ෂයේ නාය­කයා වන සමන් පෙරේරා විසින් කළ බවට චෝදනා කිරී­මට ද සැල­සු­මක් තිබුණු බව උන්ව­හන්සේ පවසා තිබේ.

කොළඹ දිසා අප­රාධ කොට්ඨා­සය විසින් සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන දුර­ක­තන ජාල විශ්ලේ­ෂ­ණ­යක දී පැහැ­දි­ලි­වම අනා­ව­ර­ණය වී ඇත්තේ මෙම පැහැ­ර­ගැ­නීම සිදුවූ අව­ස්ථාවේ සිටම අතු­ර­ලියේ රතන හිමි සැක­ක­රු­වන් සමඟ දුර­ක­ත­න­යෙන් අසා­මාන්‍ය ලෙස සම්බ­න්ධව සිට ඇති බවය.

මෙම පැහැ­ර­ගැ­නීම සිදු­වන විට පොලි­ස්පති ලෙස සේවයේ නිර­තව සිටියේ සී.ඩී. වික්‍ර­ම­රත්නය. කොළඹ අප­රාධ කොට්ඨා­සය වෙත මෙම විම­ර්ශන භාරදෙන්නේ ඔහු විසිනි. එම අව­ස්ථාවේ දී දේශ­බන්දු තෙන්න­කෝන් එකල සිටි පොලි­ස්ප­ති­ව­ර­යා­ටත් ඉහ­ළන් යමින් එම විම­ර්ශ­නය යටගැසී­මට කට­යුතු කර තිබුණු බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

අපේ ජන­බල පක්ෂයේ නාය­කයා බව සඳ­හන් සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් 2024 ජන­වාරි 22 වැනිදා අධි­වේගී මාර්ගයේ බෙලි­අත්ත පිවි­සුම අසල දී පාතා­ලයේ ගැටු­මක ප්‍රති­ඵ­ල­යක් ලෙස ඝාත­නය විය.(දිනමිණ)