
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සද්භාවයෙන් රට ගොඩනැගීමට යන ගමනේදී කිසිදු කුමන්ත්‍රණයකට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා පැවසුවේ ඒ සඳහා නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නීති සකස් කරන බවයි.
මෙම අදහස් පළකරමින් ජනාධිපතිවරයා පැවසුවේ, ටී 56 ගිනි අවියක් කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් සොයාගැනීමෙන් අනතුරුව සිදුකළ හඹායෑමේදී වව්නියාව ප්‍රදේශයෙන් අත්බෝම්බ 80ක් සොයාගැනුණු බවයි.
එම අත්බෝම්බ 80 කොළඹට ගෙනඒමට සැලසුම් කර තිබූ බව ද ජනාධිපතිවරයා අනාවරණ කළේය.
එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ පරාජිත දේශපලකයන් තමන්ගේ අහිමි වූ වරප්‍රසාද නිසා තමන්ට දඬුවම් ලැබෙනු ඇතැයි කියා හෝ ඔවුන් සිදුකළ සොරකම් ආරක්ෂා කරගැනීම සඳහා මෙන්ම, ඔවුන් සිදුකළ අපරාධ ආරක්ෂා කරගැනීම සඳහා රටක් කුමන්ත්රණයක ගොදුරක් බවට පත් නොවිය යුතු බවයි.
ආණ්ඩුවක් නිර්මාණය කර ඇත්තේ රට ආරක්ෂා කිරීමට බවත්, පෙර පැවැති ආණ්ඩු කුමන්ත්‍රණ සඳහා ගොදුරු වූ බවත්, ඒ සඳහා ඉතිහාසයේ උදාහරණ පවතින බවත් ජනාධිපතිවරයා පැවසුවේය.
නිලධාරීන් හෝ දේශපාලකයන්, රාජ්‍ය තුළ සිට හෝ රාජ්‍යයෙන් පිටත සිට හෝ පාර්ලිමේන්තුව තුළ සිට හෝ පාර්ලිමේන්තුවෙන් පිටත සිට රට ගොඩනැගීමට යන ගමන කුමන්ත්රණකාරී ලෙස බිඳදැමීමට කිසිවෙකු හෝ උත්සහ කරන්නේ නම්, එම කුමන්ත්‍රණ පරාජයට පත්කිරීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart