
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 12.16 ක් පමණ වටිනා ‘කුෂ්’ ගංජා තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයන් තිදෙනකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟාවී තිබූ MH-179 දරන මැලේසියානු ගුවන් යානයෙන් පැමිණි 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 43 සහ 22 යන වයස් කාණ්ඩවල පසුවන කාන්තාවන් දෙදෙනෙකු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පවසන්නේ, ඉන්දීය ව්‍යාපාරිකයන් ලෙස හඳුනාගෙන ඇති ඔවුන් තම ගමන් මලු තුළ සඟවා මත්කුඩු කිලෝග්‍රෑම් 12 යි ග්‍රෑම් 160 ක් රැගෙනවිත් ඇති බවයි.
ගුවන් තොටුපොළ හඳුනාගැනීමේ උපකරණ මගින් අනාවරණය නොවීම සඳහා ඔවුන් මත්ද්‍රව්‍ය මුද්‍රාතැබූ පැකට්වල අසුරා කාබන් කඩදාසියක ඔතා තිබූ බව ද පොලීසිය පවසයි.
මත්ද්‍රව්‍ය ආනයනය, සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ සැකකරු සහ සැකකාරියන් දෙදෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක බව ද පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart