
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025.07.25 වැනි දින අළුයම මකුළුගස්වැව පොලිස් වසමේ වැටකොළුවැව ප්‍රදේශයේදී තිත් මුවකු වෙඩිතබා ඝාතනය කළ සිදධියට අදාළව අත්අඩංගුවට ගත් ගිරානේගම පොලිස් ස්ථානයට හා මඩාටුගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී යෙදී සිටි සැකකාර සැරයන්වරු දෙදෙනා අධිකරණය මගින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප හා රුපියල් 5,000/- බැගින් වූ මුදල් ඇප මත මුදාහැර ඇති අතර 2025.12.05 වන දින නඩුව නැවත කැඳවීමට නියමිතව ඇත.
දීර්ඝ විමර්ශනයකින් පසු සැකකාර පොලිස් සැරයන්වරු දෙදෙනාගේ රාජකාරී වැඩ තහනමට ලක්කිරීමටද පොලිසිය කටයුුතුකර ඇත.
කෙසේවෙතත් දහවල් තිත්මුවා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය වූ ප්‍රදේශයේ ගංජා හේනක් ඇති බවට මකුළුගස්වැව පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව 2025.08.03 වන දින නැවත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් වැටළීම් සිදුකිරීමේදී එහි ගම්වාසීන් පොලිස් නිලධාරීන් සමඟ බහින්බස් වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
ඒ අනුව මෙම වැටළීම සඳහා සහභාගී වූ නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී සිටීම සහ පොලිස් නිලධාරීන් යම් නීතිවිරෝධි හෝ අනීතික ක්‍රියාවක නිරතවීද යන්න සම්බන්ධව අනාවරණය කරගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරි, දඹුල්ල විසින් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
එසේම 2025.07.25 වන දින තිත් මුවා වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ විමර්ශන නිලධාරීන්ද එදින සිවිල් ඇඳුමින් සැරසී රාජකාරී කිරීම සම්බන්ධව විනයානුකූලව කටයුතු කිරීමට දැනටමත් ක්‍රියාකර ඇත.
එමෙන්ම 2025.07.25 වන දින මුල් සිදුවීම සම්බන්ධව විමර්ශන සිදුකරන අතරතුර පොලිස් ජිප් රථයේ රියදුරුට පහරදෙමින් රාජකාරියට බාධා සිදුකළ පුද්ගලයා 2025.08.04 වැනි දින අත්අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
මෙම සිදුවීම්වලට අදාළව නිලධාරීන් නිසිලෙස මෙහෙයවීම හා අධීක්ෂණය නොකිරීම සම්බන්ධව මකුළුගස්වැව ස්ථානාධිපතිවරයාට විරුද්ධවද විනය පියවර ගැනීම සඳහා කටයුතු සිදුකරමින් පවතින බව පොලිසිය පවසයි.
මෙලෙස මුල් අවස්ථාවේදීම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග හා විනය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාකර තිබියදී ජනමාධ්‍ය තුළින් සාවද්‍ය කරුණු ඉස්මතු වන ආකාරයට අදහස් පළකර ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart