
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චෙම්මනි සමූහ මිනීවළෙන් මිනිස් ඇටසැකිලි 100ක් පමණ සොයාගැනීම සම්බන්ධයෙන් තමිල් මක්කල් තේසිය කුට්ටානි (TMTK) පක්ෂය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
එම පක්ෂය ඉල්ලා සිටින්නේ, මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන දේශීය නිලධාරීන් කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටී ඇති බැවින් අන්තර්ජාතික අධීක්ෂණ යාන්ත්රණයක සහාය ලබාගන්නා ලෙසයි.
The Morning පුවත්පත වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සී.වී. විග්නේෂ්වරන් පවසා ඇත්තේ, සිදුවූයේ යැයි කියන සමූල ඝාතනයෙන් සම්බන්ධයෙන් සෑම පාලනයක්ම පාහේ සිද්ධියේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමට අපොහොසත් වී ඇති බවයි.
එබැවින් රජයට සම්බන්ධ නිලධාරීන් කෙරෙහි මහජන විශ්වාසය වසර ගණනාවක් තිස්සේ පළුදු වී ඇති බව ඔහු පවසයි.
ඇතැම් ආයතන සහ බලධාරීන් මෙම නඩුවේ යුක්තියට බාධාකරන බවටද ඔහු චෝදනා කර ඇත.
“මේක වුණේ චන්ද්රිකා කුමාරතුංග ආණ්ඩුව කාලේ, එදා ඉඳන් බලයට ආ හැම ආණ්ඩුවක්ම මේකට කරපු දෙයක් නැහැ. චෙම්මනි පමණක් නොවෙයි සතුරුකොන්දන් වැනි තවත් බොහෝ තැන්වල සිය ගණන් මිනිසුන් මරාදැමුවා. මෙතෙක් කිසිවෙක් ඒ ගැන කතා කළේ නැහැ. මිනිස්සු කරන විවිධ මැසිවිලි ගැන අපි බොහොම සැහැල්ලුවෙන් හිටියා. විධායක ජනාධිපතිවරයා කියන්නේ උසස් ප්රතිපත්තිගරුක සදාචාර සම්පන්න පුද්ගලයෙක් නම් මේවා සම්බන්ධයෙන් වහා පියවර ගන්න තිබුණා” විග්නේෂ්වරන් චෝදනා කළේය.
ඔහු පෙන්වාදෙන්නේ එබැවින් ජාතිය හෝ ආගම වැනි පක්ෂග්රාහී සාධක කෙරෙහි අවධානය යොමුකරන දේශීය බලධාරීන්ට වඩා අන්තර්ජාතික අධීක්ෂණය එවැනි කාරණා අපක්ෂපාතීව හා යථාර්ථවාදීව හසුරුවන බවයි.
අන්තර්ජාතික සංසදයක්, කමිටුවක් හෝ කොමිෂන් සභාවක් ඒ ගැන සොයාබලන්නේ නැත්නම්, අවම වශයෙන් දේශීය පරීක්ෂණ කමිටුවට අන්තර්ජාතික නියෝජිතයන් සිටිය යුතු බව ඔහු යෝජනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart