
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෘහ සේවිකාවක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ප්‍රකට දේශපාලනඥයකුට අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
ප්‍රාන්තයේ බලගතු දේශපාලන පවුලකින් පැවත එන ප්‍රජ්වාල් රේවන්නාට දඬුවම් නියම කිරීම ඊයේ සිදුවිය.
ඒ, ඔහු තම හිටපු සේවිකාවට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වරදකරු වී දිනකට පසුවය.
34 හැවිරිදි හිටපු ඉන්දීය මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා ප්‍රථම වරට හෙළිදරව් වූයේ 2023 දී ඔහු ඇතුළත් පැහැදිලි වීඩියෝ සිය ගණනක් සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමගයි.
ඒ හමුවේ ඔහුට එරෙහිව ප්‍රභල විරෝධතා ව්‍යාපාරයක් ද ආරම්භ විය.
කෙසේවෙතත් ප්‍රජ්වාල් රේවන්නා තමාට එරෙහිව චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.
රේවන්නා යනු හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය H D Deve Gowda ගේ මුණුබුරා වන අතර ඔහුගේ ජනතා දාල් පක්ෂය වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමඟ සන්ධානගත වී ඇත.
මෙවැනි බලගතු දේශපාලන පසුබිමක් ඇති අයෙකුට ඉන්දියාවේ මෙවැනි නඩුවකදී දඬුවම් ලැබෙන්නේ කලාතුරකින් බව ජනමාධ්‍ය වාර්තා කරයි.
ඔහුට අදාළ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග රේවන්නා 2024 අප්‍රේල් මාසයේදී ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය භාවිත කරමින් ඉන්දියාවෙන් පිටව ගොස් තිබිණි.
කෙසේවෙතත් ඔහු ජර්මනියේ සිට ආපසු නිවසට පැමිණීමෙන් මාසයකට පසුව අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුට තවත් ස්ත්‍රී දූෂණ දෙකක් සහ ලිංගික අතවර නඩුවක් විභාග වෙමින් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart