
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිලට සමානව තම සමාගමද ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බව, ලංකා අයි. ඕ. සී. සමාගම ප්‍රකාශ කරයි.
අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත් අතර, ඒ අනුව මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක් රු:10 කින් ඉහළ යන අතර නව මිල රු:328 කි. පෙට්‍රල් 95 ලීටරයක් රු:20 කින් අඩු කෙරෙන අතර නව මිල රු:365 කි.
ඔටෝ ඩීසල් ලීටරයක් රු:2 කින් අඩු කෙරෙන අතර නව මිල 308 ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක් රු:6 කින් ඉහළ ගොස් නව මිල රු:346 ක් දක්වා වැඩි වනු ඇත.
භුමිතෙල් ලීටරයක් රු:9 කින් පහළ යන අතර ඒ අනුව නව මිල රු:236 කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart