
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් දා රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයින බලා පිටත්ව යන අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළවෙත පැමිණි විට ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් සිටි ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ නිලධාරීන්, ජනාධිපතිවරයා ගුවන් යානයට ගිය පසු ඔවුන් නැවත පැමිණීමේදී ගුවන් තොටුපොළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් විදෙස් මත්පැන් බෝතල් 25ක් රැගෙන ගොස් ඇතැයි අනාවරණ වී තිබේ.
එහෙත් එම නිලධාරීන් ජනාධිපතිවරයා සමග මාලදිවයින බලා පිටත්ව ගොස් නොමැති බැවින් ඔවුන්ට එලෙස තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීමට නෛතික අවසරයක් හිමි නොවේ.
සීසීටීවී වීඩියෝ ඔස්සේ මෙගින් මේ පිළිබඳ සොයාබැලූ ගුවන් තොටුපොළ නිලධාරීන් ඒ පිළිබඳ අදාළ අංශ දැනුවත් කිරීමෙන් අනතුරුව, එම සිද්ධියට සම්බන්ධ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් 07 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු ලබා දී තිබේ.
ඒ අනුව එම නිලධාරීන් ඇල්පිටිය, ගාල්ල සහ මාතර ප්‍රදේශවලට මාරුකර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොදුජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart