
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයට අනුබද්ධව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේවය කරන මුස්ලිම් කාන්තාවන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වහා මැදිහත් විය යුතු බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් මන්ත්‍රීවරයා පවසන්නේ, නැගෙනහිර පළාතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් මුස්ලිම් කාන්තා සෞඛ්‍ය සේවිකාවන්ට රාජකාරියේ යෙදීසිටින අතරතුර සම්ප්‍රදායික ආගමික හිස් ආවරණයක් පැළඳීමෙන් වළකින ලෙස දන්වා පසුගියදා නිකුත් කර ඇති බවට වාර්තා වන බවයි.
එම නියෝගය අදාළ සෞඛ්‍ය සේවිකාවන්ට පීඩාවක් ඇති කර තිබෙන බවත්, එය ඔවුන්ගේ ආගමික නිදහස, පෞද්ගලික අභිමානය සහ සංස්කෘතික අනන්‍යතාව සඳහා ව්‍යවස්ථාපිතව ආරක්ෂා කර ඇති අයිතිවාසිකම්වලට සෘජුවම පටහැනි බවත් මන්ත්‍රීවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.
මහජන සෞඛ්‍ය සේවයට අනියුක්තව වසර ගණනාවක් පුරා ත්‍රිකුණාමලයේ සේවය කරන මුස්ලිම් කාන්තාවන්, හිජාබය පැළඳ තම වෘත්තීය වගකීම්වලට හෝ කාර්ය සාධනයට කිසිදු බලපෑමක් නොකර කඩිසරව තම රාජකාරිය ඉටුකරන බව ද බදියුදීන් මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
එහෙත් එම ප්‍රතිපත්තිවල හදිසි වෙනස්වීම සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින පුද්ගලයන්ගේ සහ ප්‍රජා සාමාජිකයන්ගේ විරෝධයට හේතු වී ඇති බව ද ඔහු පවසයි.
එමෙන්ම බදියුදීන් මන්ත්‍රීවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය මගින් පහත සඳහන් කරුණු අවධාරණය කර ඇත.
– ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි ව්‍යවස්ථාව සහ 14(1)(ඊ) වගන්තිය යටතේ ආගමික නිදහස සහතික කෙරේ.
– හිජාබය වෛද්‍ය හෝ පරිපාලන රාජකාරි ක්‍රියාත්මක කිරීමට බාධා නොකරයි.
– රැකියා ස්ථානයේ, විශේෂයෙන්ම බහුත්වවාදී සමාජයක් තුළ සංස්කෘතික හා ආගමික විවිධත්වයට ගරුකළ යුතුය.
– මෙම ඉල්ලීම නව වරප්‍රසාදයක් සඳහා නොව, පිළිගත් හා දිගුකාලීන භාවිතයක් සඳහාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart