
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංක්‍රමණික හා විගමන පනත ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා හේතුවෙන් ඊශ්‍රායලය, ඉන්දියාව සහ රුසියාව වැනි රටවල විදේශිකයන් නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් රැකියා කටයුතු සහ ව්‍යාපාර කටයුතුවල නිරත වන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
රටවල් 40කට අයත් පිරිසට රට තුළට වීසා රහිත ප්‍රවේශය(Visa Free) ලබා දීමට බලධාරීන් විසින් සැලසුම් කර ඇත්තේ මෙම පහසුකම දැනටමත් දීර්ඝ කර ඇති තවත් රටවල් කිහිපයට අමතර වශයෙනි.
අනාගතයේදී සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමය ආදායම ඩොලර් බිලියන 5 දක්වා වැඩි කිරීමේ සැලැස්මේ පියවරක් ලෙස ශ්‍රී ලංකාව සංචාරකයන් මිලියන තුනක් පැමිණීම අපේක්ෂා කරයි.
කෙසේවෙතත්, කර්මාන්තයේ දියුණුව එහිම අවාසි සමඟ සම්බන්ධ වන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
එනම් ආගන්තුක නිවාස පවත්වාගෙන යෑම, කුලී රථ රියදුරන් ලෙස සේවය කිරීම සහ ඔවුන්ගේම භාෂාවලින් තම සෙසු ජාතිකයන්ට සංචාරක මාර්ගෝපදේශ සේවා සැපයීම වැනි ව්‍යාපාරික කටයුතුවල ඇතැම් සංචාරකයන් නියැලී සිටින අවස්ථා දැකිය හැකි වීමයි.
ඔවුන් අතර කැපී පෙනෙන අය වන්නේ සර්ෆින් ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ නැගෙනහිර පළාතේ අරුගම් බොක්ක ප්‍රදේශයේ එවැනි ව්‍යාපාරික මධ්‍යස්ථාන පවත්වාගෙන යන ඊශ්‍රායල ජාතිකයන්ය.
ඊශ්‍රායල ජාතිකයන් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික මධ්‍යස්ථානවල, ඊශ්‍රායල ජාතිකයන්ගේ ප්‍රයෝජනය සඳහා හෙබ්‍රෙව් භාෂාවෙන් සංඥා පුවරු සවි කර තිබේ.
යුදෙව් ප්‍රජා මධ්‍යස්ථානයක් වන චබාද් නිවසක් ද එම ප්‍රදේශයේ දක්නට ලැබේ.
මෑතකදී, නීති විරෝධී ක්‍රියාකාරකම්වලට ඊශ්‍රායල ජාතිකයන් සම්බන්ධ වීම විවේචනය කරන විදේශීය ජාතිකයකු පෙන්වන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය විය.
මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ නිලධාරියකු පවසා ඇත්තේ එවැනි ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා සංචාරක බලධාරීන්ට කළ හැකි කිසිවක් නොමැති බවයි.
ආගමන විගමන බලධාරීන් වීසා ලබා දීමේදී සහ ඒවා පරීක්ෂා කිරීමේදී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව ඔහු සඳහන් කර තිබේ.
සංචාරකයන් ලෙස පමණක් මෙහි පැමිණ පසුව ස්පාවල සේවය කරන විදේශිකයන් ස සිටින බව ඔහු පැවසීය.
ඉන්දියාවේ සිට සංචාරක වීසා මත පැමිණි ඇතැමුන් මෙරට කෘෂිකර්මාන්තයේ සහ ඉදිකිරීම් අංශවල සේවය කරන බව ද සොයාගෙන ඇත.
ව්‍යාපාරික මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමේ නියැලී සිටින මෙම විදේශිකයන්, පොලිසිය හෝ ආගමන විගමන බලධාරීන් විසින් වැටලීම් සිදුකිරීමේ දී නීත්‍යනුකූල හිමිකරුවන් ලෙස පෙනී සිටින ඔවුන්ගේ දේශීය හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ද එම නිලධාරියා පවසා තිබේ.
එවැනි තත්ත්වයන් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ව්‍යාකූල කරන බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart