
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බත්තරමුල්ලේ පිහිටි කථානායකවරයාගේ නිල නිවස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන්ගේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ‘පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානය’ බවට පත් කිරීමේ යෝජනාවකට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුව එකඟතාව පළ කර තිබේ.
කථානායක ජගත් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් 2025 ජූලි 24 වැනිදා පැවති කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ආරම්භක අදියරේ පියවරක් ලෙස, මාස හයක කාලයක් තුළ මධ්‍යස්ථානයේ සැලසුම් සහ ව්‍යුහාත්මක සංවර්ධන කටයුතු වෙනුවෙන් නායකත්වය දීමට , සම්බන්ධීකරණය කිරීමට සහ උපදෙස් දීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියකු ව්‍යාපෘති කළමනාකරුවකු ලෙස පත් කිරීමට කමිටුව අනුමැතිය ලබා දී තිබේ.
යෝජිත මධ්‍යස්ථානය මඟින් ව්‍යවස්ථාදායක දැනුම වැඩි දියුණු කිරීම සහ රජයේ සියලුම ස්ථරවල පාලනය ශක්තිමත් කිරීමේ අරමුණින් උසස් පර්යේෂණ පහසුකම් සැපයීම, විශේෂිත පුහුණුව සහ ප්‍රතිපත්ති විශ්ලේෂණ සේවා සැපයීම ආදිය අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart