
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මූල්‍ය අර්බුදයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ නොමඟ යවන සුළු බව ක්‍රිකට් ආයතනය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේ, මෙහෙයුම් කළමනාකරණය කිරීමට මෙන්ම දිගුකාලීන උපායමාර්ගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් මූල්‍ය ස්ථාවරත්වයක් ක්‍රිකට් පරිපාලනය සතුව ඇති බවයි.
ඉන්දියාව සමඟ එක්ව 2026 දී ICC පිරිමි T20 ලෝක කුසලානය සම සත්කාරකත්වය සැපයීමට සහ මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත 2025 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ තරඟ 11ක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාර්ථකව කටයුතු කරමින් සිටින බව ද එම නිවේදනයේ දැක්වේ.
එවැනි සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම් කළ හැක්කේ හොඳ මූල්‍ය සහයෝගයක් ඇත්නම් පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දුන්නේය.
රට පුරා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව වැඩිදියුණු කර ප්‍රතිසංස්කරණය කරමින් පවතින බවත් අන්තර්ජාතික තරග මෙරට දී පැවැත්වීමට හැකිවීම රටට කීර්තියක් බවත් එමගින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ යටිතල පහසුකම් වැඩි දියුණු කෙරෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
අන්තර්ජාතික ක්‍රීඩාංගණවල සූර්ය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හරහා දිගුකාලීන තිරසාරභාවය පිළිබඳ මුලපිරීමකට ද ආයෝජනය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් පැවසීය.
“මෙම ‘හරිත වැඩසටහන’ පරිසරය, ක්‍රීඩාවේ අනාගතය සහ ආයතනයේ දිගුකාලීන මූල්‍ය ශක්තියට සහාය වෙමින් ආයෝජන මත ශක්තිමත් ප්‍රතිලාභයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇත,” යනුවෙන් නිවේදනයේ සඳහන් වේ.
බිම් මට්ටමේ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන ද බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් පැවසීය.
දේශීය හා අන්තර්ජාතික වශයෙන් ක්‍රීඩාවේ විනිවිදභාවය, ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා කැපවී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart