
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු සඳහා නව නිලධාරීන් පත්කිරීමක් සිදුකර තිබේ.
ඒ අනුව, බන්ධනාගාර කොමසාරිස් (පාලන) ලෙස බන්ධනාගාර කොමසාරිස් බී. එම්. යූ. ජී. ඒ. බස්නායක පත්කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් (සැපයුම්) ලෙස රාජකාරි පවරා ඇත්තේ, බන්ධනාගාර කොමසාරිස් (බුද්ධි හා ආරක්ෂණ) බී. ඩී. එම්. ජී. බී. දිසානායක වෙතය.
බන්ධනාගාර කොමසාරිස් (සැපයුම්) ආර්. පී. එච්. කුමාර, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් / බුද්ධි හා ආරක්ෂණ) ලෙස පත්කර ඇත.
බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ජේ. සී. වීරසිංහ, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත හා නිපුණතා සංවර්ධන ලෙස පත්කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් (වැ.ආ) (පුනුරුත්ථාපන) ලෙස බන්ධනාගාර කොමසාරිස් (වැ.අ) (කර්මාන්ත) එස්. කේ. පල්ලෙතැන්න පත්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart