July 21, 2025

උඩවලව, පනහඩුව වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ටයර් ටියුබයක් ආධාරකයක් ලෙස භාවිත කරමින් මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයන් දෙදෙනකු මෙලෙස දියේ ගිලී මියගොස් ඇත.

වයස අවුරුදු 29 සහ 30 ක් වන මෙම පුද්ගලයන් දෙදෙනා පනහඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ඔවුන් දියේ ගිලෙන මොහොත ප්‍රදේශයේ පදිංචිකරුවකු දැක පොලිසියට දැනුම් දුන් බව වාර්තා වේ.

මෙයින් පසු, ඇඹිලිපිටිය පොලිසියේ සහ ශ්‍රී ලංකා යුද හමුදා කිමිදුම්කරුවන්ගේ ජීවිතාරක්ෂක නිලධාරීන් එම ස්ථානයට පැමිණ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ අතර, එහිදී එක් පුද්ගලයෙකුගේ මළසිරුර සොයා ගන්නා ලදී.

අතුරුදහන් වූ අනෙක් පුද්ගලයාගේ මළසිරුර සොයා සෝදිසි මෙහෙයුම දිගටම කරගෙන යයි.