
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනයෙන් පනවා ඇති ආනයනික තීරුබදු තවදුරටත් අඩුකිරීම සඳහා සුදුසුකමක් ලෙස වෙළඳ පරතරය අඩු කිරීම වෙනුවෙන් අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් සලකා බැලීමට ශ්‍රී ලංකාව සූදානම් බව වාර්තා වේ.
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු උපුටා දක්වමින් ‘ඩේලි මිරර්’ වාර්තා කර ඇත්තේ, තෙල් ආනයනය සඳහා මෙරට මාසික වියදම බිල ඩොලර් මිලියන 300-400ක් අතර වන බවයි.
ඒ අනුව පිරිවැය ඵලදායී වන්නේ නම් අමෙරිකාවෙන් තෙල් ආනයනය කිරීම පිළිබඳ සලකා බැලිය හැකි බව අමාත්‍යවරයා පවසා තිබේ.
කෙසේවෙතත් අමෙරිකාවේ කිසිදු රාජ්‍ය ආයතනයක් ඉන්ධන වෙළඳාමට සම්බන්ධ නොවන බැවින් රජයෙන්-රජයට යන ගනුදෙනුවක් යටතේ තෙල් මිලදී ගැනීම් සඳහා බාධාවක් එල්ල වන බව ද ඔහු පවසා ඇත.
තෙල් ආනයනය කිරීමේ හැකියාව පිළිබඳ රජයට සාකච්ඡා කළ හැකි බවත්, ශ්‍රී ලංකාව මේ මොහොතේ වෙනත් ආකාරයකින් අමෙරිකාවෙ තෙල් ආනයනය නොකරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
එමෙන්ම ඔහු පෙන්වාදෙන්නේ, අනෙක් ටෙන්ඩර් ක්‍රියාවලීන් නොසළකා හරින බව එයින් අදහස් නොවන බවයි.
තෙල් ආනයනයේදී පිරිවැය යනු සළකා බැලිය යුතු කරුණක් බවත්, මෙම විශේෂිත ගැටළුව විසඳාගන්නා අතරම ශ්‍රී ලංකාව තෙල් මිලදී ගතයුතු වන්නේ, වර්තමාන පිරිවැයට සමාන මිලකට බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
පසුගිය වසරේදී මෙරට ඉන්ධන ආනයන පිරිවැය අමෙරිකානු ඩොලර් බිලියන 4.3ක් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart