
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිනිසා සඳ මතට පා තබා අදට (21) වසර 56ක් සපිරේ.
නවීන තාක්ෂණය පිළිබඳව ආතර් සී. ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) චින්තන විජේවර්ධන ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකරයි.
නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්‍රින්, මයිකල් කොලින්ස් රැගත් ඇපලෝ 11 යානය ඓතිහාසික සඳ ගමන ආරම්භ කළේ 1969 ජූලි 16 වැනි දිනයේදී අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්‍රින් රැගත් ඊගල් යානය සඳ මතට ගොඩ බැසීම සිදුවූයේ 1969 ජූලි 20 වැනි දින රාත්‍රී 8.17 වන අතර නීල් ආම්ස්ට්‍රොන් සඳ මත පා තැබුවේ 10.56ටයි. මෙය සිදුවූයේ මෙරට වේලාවෙන් ජූලි 21 වැනි දිනයි. මයිකල් කෝලින්ස් සඳට ගොඩ බැසීමක් සිදු නොකළ අතර ඔහු මවු යානය පදවමින් සඳ වටා ගමන් කරමින් කළ මෙහෙය ඉතා අගය කළ යුත්තක්.
මේ සඳ ගමන සඳහා රටවල් 137ක් දායක වූ අතර එයින් ශ්‍රී ලංකාවට සුවිශේෂී තැනක් හිමිවූයේ සඳෙන් රැගෙන ආ පස් පරීක්ෂා කළ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතාගේ දායකත්වය හේතුවෙනි. එතුමා නිසා ශ්‍රී ලංකා කොඩිය ද සඳ ගමනට එක්කර ගැනීම සිදුවූ අතර එතුමා ආතර් සී. ක්ලාක් ආයතනයේ ආරම්භක අධ්යක්ෂවරයාද වන බව කීය.
ඇපලෝ 11 සිට 17 දක්වා යානා මිනිසුන් සහිතව සඳට ගිය අතර ඔවුන් කිලෝ 380ක පාෂාණ සහ පස් පෘථිවියට ගෙන ආහ. මේ යානාවලින් සඳමත පා තැබූ ගගනගාමීන් ගණන 12කි. අවසන් වරට මිනිසුන් සහිත යානයක් සඳ වෙත යවනු ලැබුවේ 1972 දෙසැම්බර් වූ අතර එය ඇපලෝ 17 යානයයි. මේ ගමන සඳහා හැරිසන් ස්මිත්, ඊවන්, සර්නන් යන තිදෙනා සහභාගි විය. ඔවුන් සිතුවේ මේ ගමන සඳ ගවේෂණය සඳහා මිනිසුන්ගේ අවසන් අවස්ථාව බවයි. එම නිසා මේ ගමනට එක් වූ සර්නන් තම දියණියගේ නම සඳ මතුපිට ලියා තැබීමට කටයුතු කළේය.
මින් පසුව මිනිසුන් රහිත යානා සඳට යැවිණි. 1994දී ක්ලෙමන්ටයින් යානය මඟින් චන්ද්‍රයාගේ කාලගුණ තොරතුරු, චන්ද්‍රයාගේ චුම්භක ක්ෂේත්‍රය ඇතුළු පරීක්ෂා කිරීම් සිදුකෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart