
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උඩුදුම්බර, කරඹකැටිය ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී F.U. වූට්ලර් පැවසීය.
මේ අතර, අනතුරින් පස්හැවිරිදි දරුවෙකු සහ තවත් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා උඩදුම්බර සහ තෙල්දෙණිය රෝහල්වලට ඇතුළත් කර ඇත.
මියගිය අය කඩවත සහ මීරිගම පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 35 ත් 40 ත් අතර වියේ පසුවූ බව පැවැසේ.
වාර්තාවලට අනුව, සිද්ධිය වන අවස්ථාවේ කඩවත සිට මීමුරේ දක්වා වෑන් රථයේ පුද්ගලයන් හයදෙනෙකු ගමන් කරමින් සිට ඇත.
අනතුර සිදුවන විට මියගිය කාන්තාවන්ගෙන් එක් අයෙකු වෑන් රථය පදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
උඩදුම්බර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart