
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බාලවයස්කාර පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රඳවා තබා ගත් තරුණයෙකු ලිඳුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ දැරිය තලවකැලේ දෙමළ පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ලෝර්ගී වත්තේ පදිංචිකාරියකි.
15 හැවිරිදි පාසල් සිසුවිය ෆේස්බුක් හරහා දැන හඳුන ගත් සැකකරු සමඟ ආදරයෙන් බැඳී ඇති අතර ඔහුගේ ඉල්ලීම පරිදි නානුඔය දුම්රිය ස්ථානයේදී ඔහුව හමුවී ඇත.
විමර්ශනවලින් හෙළිවූයේ ඇය නිවසින් හොර රහසේ පැනගොස් නානුඔය හිදී ඔහුව මුණගැසී ඇති බවත්, එතැන් සිට ඇය ඔහු සමඟ දුම්රියෙන් හපුතලේට ගිය බවත්ය.
ඇගේ මව විදේශ රැකියාවක් සඳහා පිටත්ව ගිය පසු ඇය ඇගේ පියාගේ භාරයේ තබා ඇති බව පොලිසිය පවසයි.
ඇය නිවසින් අතුරුදහන් වී ඇති බවට ඇගේ පියා කළ පැමිණිල්ලක් මත ලිඳුල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර දැරිය සිටින ස්ථානය සොයාගෙන ඇයව භාරගෙන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නුවරඑළිය මහරෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති ලද අතර සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart