
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2014 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වැයකිරීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 28වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.
මෙම නඩුව ඊයේ (18) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්නඉදිරියේ කැඳවනු ලැබුවාය.
මෙම නඩුව මීට පෙර වෙනත් මහාධිකරණ විනිසුරුවරයක ඉදිරියේ විභාගයට ගෙන තිබුණු බැවින් එම සාක්ෂි මතම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥවරු එකඟ විය.
ඒ අනුව වැඩිදුර නඩු විභාගය ඔක්තෝබර් මස 28 වැනිදා යළි කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරිය, එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය පෙනීසිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළාය.
2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැයකර දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට 600 ක් මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ඉකුත් යහපලන ආණ්ඩුව සමයේ මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart