
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 2015 වසරේ සිට 2019 වසර දක්වා එවක රජයේ නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතිවල සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගේ අධීක්ෂණය යටතේ නිවාස අමාත්‍යාංශයේ ස්ථිර විමර්ශන ඒකකය විසින් මෙම පරීක්ෂණය සිදුකරනු ලැබේ.
යහපාලන ආණ්ඩුව යටතේ ආරම්භ කළ ‘සැමට සෙවණ’ ආදර්ශ නිවාස ගම්මාන ව්‍යාපෘතියේ සැළකිව යුතු විෂමතා හෙළිදරව් කරමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍ය අංශය වාර්තාවක් නිකුත් කර ඇති බව පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ජනමාධ්‍ය හමුවේදී අනාවරණය විය.
වාර්තාවට අනුව ආදර්ශ ගම්මාන 2,562ක් යෝජනා කර තිබියදී නිල වශයෙන් විවෘත කර ඇත්තේ 367ක් පමණි.
එසේ තිබියදීත්, ප්‍රවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 523ක් වැයකර ඇති අතර නිවාස ප්‍රතිලාභීන් සඳහා වෙන්කළ රුපියල් බිලියන 5.968 ගෙවා නොමැති බව අනාවරණ වී තිබේ.
මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සොයාබැලීම සඳහා විගණනයකට සමගාමීව අමාත්‍ය මට්ටමේ පරීක්ෂණයක් ද ක්‍රියාත්මක බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස තහවුරු කළේය.
ප්‍රතිලාභීන් 25,453 දෙනකුට ණය ලැබී ඇති අතර, 28,633 දෙනෙකුට ආධාර ප්‍රදානය කර ඇති බවත්, මුළු ප්‍රතිලාභීන් සංඛ්‍යාව 54,086 ක් බවත් වාර්තාවේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart