
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුරෝපා සංගමයේ නිලධාරියකු ලෙස පෙනීසිටින බව කියන පුද්ගලයකු සහ ඔහු විසින් සිදුකරන ප්‍රදාන සහ මූල්‍ය ආධාර ලබාදීමේ වංචාවක් සම්බන්ධයෙන් යුරෝපා සංගමය මෙරට ජනතාවට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.
නිල නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇත්තේ, අදාළ පුද්ගලයා යුරෝපා සංගමය මගින් පිරිනමන ප්‍රදාන හෝ අරමුදල් අවස්ථා ලබාදෙන බව පවසමින් තරුණ ව්‍යවසායකයන් රවටමින් සිටින බවයි.
වංචාවට හසුවන පුද්ගලයන්ට බොරු පොරොන්දු ලබා දී, ගෙවීම් කරන ලෙස ඉල්ලා ඇති අතර, පසුව සැකකාර පුද්ගලයා අතුරුදහන් වන බව එම සංගමය පවසයි.
මෙය වංචාවක් බවත්, සිය සංගමයේ සියලුම ප්‍රදාන සහ කොන්ත්‍රාත්තු දැඩි ලෙස ප්‍රදානය කරනු ලබන්නේ, යෝජනා ඉදිරිපත් කිරීම සහ ඇගයීම ඇතුළත් නිල තේරීම් ක්‍රියාපටිපාටි හරහා බවත් යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
අරමුදල් ලබාගැනීම පහසු කිරීම සඳහා තෙවැනි පාර්ශවීය නියෝජිතයන් සම්බන්ධ කර නොගන්නා බවත්, ප්‍රදාන අයැදුම්පත් හෝ ප්‍රසම්පාදන ටෙන්ඩර් සැකසීම සඳහා පුද්ගලයන්ගෙන් හෝ සංවිධානවලින් කිසිවිටකත් ගෙවීම් ඉල්ලා නොසිටින බවත් යුරෝපා සංගමය අවධාරණය කරයි.
එවැනි වංචනික ක්‍රියා සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත්, එවැනි ක්‍රියාවන් පිළිබඳව ප්‍රමාදයකින් තොරව අදාළ බලධාරීන්ට වාර්තා කරන ලෙසත් එම සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart