
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත වන සියලුම පුද්ගලයන් මෙරට ද, විදේශික ද යන භේදයකින් තොරව අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය ඇතුළු අදාළ බලධාරීන් කටයුතු කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
The Morning පුවත්පත වෙත අදහස් දක්වමින් මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසා ඇත්තේ, එවැනි කටයුතුවලට සම්බන්ධ කිසිවකුට විශේෂ සැළකිල්ලක් ලබානොදෙන බවයි.
රට තුළ නීතිවිරෝධී ක්‍රියාවල යෙදෙන දේශීය විදේශීය ඕනෑම පුද්ගලයකු පිළිබඳ අනාවරණ වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන බවත්, එවැනි පුද්ගලයන් බොහෝදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බවත්, එවැනි කටයුතු අඛණ්ඩව සිදුකෙරෙන බවත් අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ විදේශිකයන් සම්බන්ධයෙන් ද පිටුවහල් කිරීමේ ක්‍රියාවලීන් දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි.
එවැනි එක් එක් පුද්ගලයා සඳහා තනි නඩු ගොනු විවෘත කර ඇති බවත්, වරදකරුවන් වූ බංග්ලාදේශය, චීනය, ඊශ්‍රායලය ඇතුළු විවිධ රටවල පුද්ගලයන් පසුගිය කාලය පුරා පිටුවහල් කළ බවත්, ඒ සඳහා අවශ්‍ය සියලුම නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආගමන විගමන දෙපාර්තමේන්තුව මේවා නිසි ලෙස කළමනාකරණය කරන බවත් අමාත්‍යවරයා පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart