
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ උපන්නෙකු වන කැනඩාවේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ගැරී ආනන්දසංගරීට, එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයකුට කැනේඩියානු පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය ලබාදුන් බවට චෝදනා එල්ල වී තිබේ.
හිටපු එල්ටීටීඊ සාමාජිකයකු මෙන්ම ශ්‍රී ලාංකිකයකු ද වන බව පැවසෙන සෙන්තුරන් සෙල්වකුමාර් නැමැත්තකුට කැනේඩියානු පුරවැසිභාවය ලබාදීමට සහාය පළකරමින් ගැරී ආනන්දසංගරී විසින් ලිපි දෙකක් එවා ඇති බව වාර්තා වේ.
මෙම ලිපි 2016 සහ 2023 දී කැනඩා දේශසීමා සේවා නියෝජිතායතනයට යවා ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා පෙන්වාදෙන්නේ, ආනන්දසංගරී කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී මෙම ලිපි ඉදිරිපත් කර ඇති බවයි.
කැනඩාවේ සංක්‍රමණ, සරණාගතයන් සහ පුරවැසිභාවය සඳහා වූ දෙපාර්තමේන්තුව සෙල්වකුමාර් නමැත්තා එල්ටීටීඊයට සෘජු සම්බන්ධතා ඇති බව පවසමින් පුරවැසිභාවය සඳහා වූ අයැදුම්පත අවස්ථා කිහිපයකදී ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේවෙතත් තමන් යොමුකළ ලිපි මගින් ආනන්දසංගරී ඉල්ලා ඇත්තේ, මානුෂීය හේතූන් මත සෙල්වකුමාර්ට කැනේඩියානු පුරවැසිභාවය ලබාදීමට පියවර ගන්නා ලෙසයි.
ඊට හේතු ලෙස ඔහු පවුල්වලින් වෙන්වීම පිළිබඳව දක්වා තිබේ.
කෙසේවෙතත් ආනන්දසංගරීට එල්ල වී ඇති චෝදනාවලින් කියැවෙන්නේ, එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් බැවින් ඔහුගේ ක්‍රියාකලාපය ත්රස්තවාදයට අනුබල දීමක් බවයි.
තවද, ත්‍රස්තවාදී සංවිධානයකට සහාය දීම සම්බන්ධයෙන් එල්ල වන මෙම චෝදනා හමුවේ ගැරී ආනන්දසංගරී තවදුරටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම ගැටළු සහගත බව පාර්ශව කිහිපයක් කැනඩා අග්‍රාමාත්‍යවරයාට දන්වා තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරීගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, මෙම කාරණය අධිකරණයේ පවතින අතරතුර විස්තරාත්මකව අදහස් දැක්වීම නුසුදුසු බවයි.
තවද තමන් අමාත්‍යවරයකු වූ දින සිට එවැනි ආධාර ලිපි ඉදිරිපත් කර නොමැති බවද ආනන්දසංගරී අවධාරණය කර ඇත.
තමන් කිසිවිටෙකත් කිසිදු ත්‍රස්තවාදී සංවිධානයකට සහාය නොදැක්වූ බවත් පක්ෂපාතීව තීරණ නොගන්නා බවත් ඔහු අවධාරණය කර ඇත.
කෙසේවෙතත් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා මේ දක්වා මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart