July 17, 2025

ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ පැය කිහිපයක් ඩ්‍රෝන මෙහෙයුමක් සිදුකළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තු නිලධාරියකු ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රය වීඩියෝගත කළ බවයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ නියෝජිතයන් ද මෙම කාර්යයට සම්බන්ධ වී ඇත.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වරින්වර ඩ්‍රෝන මෙහෙයුම් සිදුකරනු ලැබේ.