
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙතෙක් පෘථිවියෙන් හමු වූ අඟහරු ග්‍රහයාගේ විශාලතම පාෂාණමය කොටස නිව් යෝර්ක් වෙන්දේසියකදී ඩොලර් මිලියන 4.3 (පවුම් මිලියන 3.2) කට අලෙවි විය.
NWA 16788 ලෙස හඳුන්වන එම උල්කාපාතයේ බර රාත්තල් 54 වන අතර එහි දිග අඟල් 15ක් පමණ වේ.
එය 2023 නොවැම්බර් මාසයේදී නයිජර් හි දුරස්ථ ප්‍රදේශයකින් සොයාගන්නා ලද අතර, එය ඉන් අනතුරුව සොයාගනු ලැබූ අගහරු ග්‍රහයාගේ විශාලතම පාෂාණ කැබැල්ලට වඩා 70% විශාල බව වෙන්දේසි ආයතනය පවසයි.
උල්කාපාත යනු ග්රහකයක් හෝ වල්ගා තරුවක් පෘථිවි වායුගෝලය හරහා ගමන් කිරීමෙන් පසු ඉතිරි වන පාෂාණවල අවශේෂ වේ.
පාෂාණය වෙන්දේසි කළ සොතෙබි වෙන්දේසි ආයතනය පැවසුවේ රතු පැහැයට හුරු දුඹුරු පැහැ පාෂාණය අතිශය දුර්ලභ බවයි.
පෘථිවියේ මෙතෙක් සොයාගෙන ඇත්තේ අඟහරු උල්කාපාත 400 ක් පමණ පමණි.
“මෙය පෘථිවි ග්‍රහලෝකයේ ඇති විශාලතම අඟහරු කොටසයි. මෙය එතැන් සිට මෙතැනට පැමිණීමේ සම්භාවිතාව තාරකා විද්‍යාත්මකව කුඩායි, පෘථිවි පෘෂ්ඨයෙන් ආසන්න වශයෙන් 70% ක් පමණ ජලයෙන් වැසී ඇති බව මතක තබාගන්න.” යනුවෙන් සොතෙබි හි විද්‍යා හා ස්වභාවික ඉතිහාසය පිළිබඳ උප සභාපති කැසැන්ඩ්‍රා හැටන් අන්තර්ජාලයට එක්කළ වීඩියෝවකින් පැවසීය.
වෙන්දේසිය පිළිබඳ තොරතුරු පෞද්ගලිකව පවතින බැවින් උල්කාපාතය මිලදී ගෙන ඇති පාර්ශවය සම්බන්ධයෙන් තවමත් පැහැදිලි නැත.
අමතර බදු සහ ගාස්තු නිසා පාෂාණයේ මුළු මිල ඩොලර් මිලියන 5.3 දක්වා ඉහළ නැංවූ බව ද සොතෙබි වෙන්දේසිකරුවෝ පවසති.
අතිශය දුර්ලභ ද්‍රව්‍ය 100කට වැඩි සංඛ්‍යාවක් අලෙවි කළ මෙම වෙන්දේසියේදී, ජුරාසික් යුගයේ අග භාගයට අයත් සෙරටෝසෝරස් ඇටසැකිල්ලක් ඩොලර් මිලියන 26 කට අලෙවි වූ අතර පැචිසෙෆලෝසෝරස්ගේ හිස් කබලක් ඩොලර් මිලියන 1.4 කට අලෙවි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart