
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දරුවකු වඩාගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු 2025.07.15 වැනි දින රාත්‍රී 9ට පමණ කොට්ටාව නගරයෙන් කුලී ත්‍රීවීල් රථයකට ගොඩ වී තලගල ප්‍රදේශයට යාමට අවැසි බව පවසා ඇත.
ආලෝකය අවම පාළු මාවතක රථය ධාවනය වන අතරතුර එක් පුද්ගලයක් පසුපස සිට ත්‍රිරෝද රථ රියදුරුගේ දෑස් දෑතින් වැසීමට කටයුතු කර ඇති අතර, එසැණින් රියදුරුගේ දෑස් මිරිස් සැර වැදුණාක් මෙන් දැවිල්ලට ලක්වූ පසු රියදුරු රථයෙන් ඉවතට තල්ලුකිරීමට පසුපස සිටින්නන් පියවර ගෙන ඇති බව සඳහන්ය.
ඉන් පසු ඔහු අත තිබූ රුපියල් 11,000 කට ආසන්න මුදලක් කොල්ලාකා ත්‍රිරෝද රථයත් රැගෙන පළාගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ තිබූ ජංගම දුරකථන දෙකක්, ලියකියවිලිත් සමගිනි.
සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර ඇත.
මෙවැනි කොල්ලකෑම් වරින්වර පොලිස් පොතේ සටහන් වන බව නිරීක්ෂණය වී ඇති බැවින් කුලී ත්‍රිරෝද රථ ධාවනයේ යෙදෙන රියදුරුන් විශේෂයෙන් රාත්‍රී කාලයේ සැලකිලිමත් විය යුතු බව පොලිසිය පවසයි.
අපරාධකරුවන්ගේ ගොදුරක් වූ සැනින් ළඟම පිහිටි පොලිස් ස්ථාන දැනුවත් කිරීම සඳහා දුරකථන අංක පිළිබඳව අවබෝධයක් තිබිය යුතු බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart