
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට පුරා සමේ රෝගවල හදිසි වැඩිවීමක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට පවසන්නේ, රෝගීන්ගෙන් 20%ක් වාර්තා වන්නේ බෝවන සමේ දිලීර රෝගයක් වන Ringworm බවයි.
ඒවා රතු පැහැයෙන් යුතු කවාකාර කුෂ්ඨ ලෙස දිස්වන අතර, සමේ ස්පර්ශ වීම හෝ තුවා සහ ඇඳුම් වැනි එකිනෙකා සමග හුවමාරු කර ගන්නා ද්‍රව්‍ය හරහා පැතිරීම සිදුවේ.
ලොව පුරා බිලියන 1.6ක් මානසික හා සමාජීය අක්‍රමිකතා හේතුවෙන් චර්ම රෝගවලින් පෙළෙන බව ද විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට පවසයි.
වෛද්‍ය අකරවිට අනතුරු අඟවන්නේ, මේ සඳහා නිසි ලෙස ප්‍රතිකාර ලබා නොගැනීම හේතුවෙන් සමේ ක්ෂයවීම, වියළි බව, සම සිහින් වීම, රතු පැහැය, කැසීම, පිළිස්සීම සහ ඇලෙනසුළු ස්වභාවය වැනි අහිතකර බලපෑම් ඇති කරන බවයි.
එමෙන්ම මෙවැනි ආසාදන සඳහා නිසිපරිදි ලියාපදිංචි කර නොමැති ක්‍රීම් වර්ග හෝ නිසි ලේබල් කිරීම සහ රසායනාගාර තොරතුරු නොමැති නිෂ්පාදන භාවිත නොකරන ලෙස ද සෞඛ්‍ය නිලධාරීහු ජනතාවට දැනුම්දෙති.
එවැනි සමේ ආසාදන තත්වයන් පවතින්නේ නම් ඉක්මණින් ප්‍රතිකාර ලබාගන්නා ලෙසත්, හිතුමතේ ඖෂධ භාවිතයෙන් වැළකී සිටින ලෙසත්, ආසාදන පැතිරීම අවම කිරීම සඳහා මනා පෞද්ගලික ස්වස්ථතාවක් පවත්වා ගන්නා ලෙසත් සෞඛ්‍ය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart