
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංචාරක බංග්ලාදේශ පිල හා ශ්‍රී ලංකාව අතර තීරණාත්මක අවසන් විස්සයි20 තරගයේ තවත් පන්දු 21ක් ඉතිරිව තිබියදී කඩුලු 8ක ජයක් ලැබූ බංග්ලාදේශ පිල තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණට පැමිණ ඉතිහාසයේ මුල්වරට විස්සයි20 තරගාවලියකදී ශ්‍රී ලංකා පිල පරාජය කිරීමට සමත් වූවේය.
බංග්ලාදේශය මෙතෙක් ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු විස්සයි20 තරගාවලියක් ජයග්‍රහණය කර නොසිටි අතර, ඔවුන් මෙයට පෙර ලබා තිබූ හොඳම ප්‍රතිඵලය වූයේ 2017දී ශ්‍රී ලංකාවේ පැවති තරග දෙකකින් යුත් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමය.
ඊයේ නිමාවූ තරගයෙන් පසු බංග්ලාදේශ පිලේ මාසයකට අධික දීර්ඝ සංචාරය අවසන්වූ අතර, ඔවුන් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0 කින් සහ තරග තුනකින් යුත් එක්දින තරගාවලිය 2-1කින් පරාජයවී සිටියදී ලැබූ මේ විස්සයි20 තරගාවලි ජයග්‍රහණය අමෘතයක් වැනිය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රී විදුලි ආලෝක ධාරා මැද පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදී කඩුලු 7කට ලකුණු 132ක් ලබාගත් අතර, බංග්ලාදේශ පිල ඕවර 16.3කදී කඩුලු 2කට ලකුණු 133ක් ලබා ජය තහවුරු කර ගත්තේය. ආරම්භක පිතිකරු ටැන්සිඩ් හසන් පන්දු 47කදී හයේ පහර 6ක් හා හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 73ක් ලබා දවසේ වීරයා බවට පත් විය.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විස්සයි20 තරග 58ක් පවත්වා එයින් 38ක්ම කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම දෙවැනිවර පන්දුවට පහරදී ජයගෙන ඇති පසුබිමක ශ්‍රී ලංකා නායකයා මුලින් පන්දුවට පහරදීමට තෝරා ගැනීම ආරම්භයේදීම ප්‍රශ්නයක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පළමු කඩුලු 5 ලකුණු 66කට බිඳවැටී අසරණ තත්ත්වයට පත් වූවේය.
අත්දැකීම් බහුල දසුන් ශානක අවසන් ඕවරයේ ප්‍රදර්ශනාත්මක පිතිකරණයක නිරතවීම ප්‍රසංසනීය මෙහෙවරක් වූ අතර, ඔහු පන්දු 25කදී හයේ 2ක් හා හතරේ පහර 4ත් සමඟ නොදැවී ලකුණු 35ක් ලබා ගත්තේය. පැතුම් නිශ්ශංක පන්දු 37කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 46ක් ලබා ගැනීම හැරෙන්නට ශ්‍රී ලංකාවෙන් වෙනත් කිසිවකුට එතරම් දෙයක් කළ නොහැකි විය. අංක 7 ස්ථානයේ චාමික කරුණාරත්න වෙනුවට එක්වූ කමිඳු මෙන්ඩිස් පන්දු 15කදී හයේ පහරක් හා හතරේ පහරක් සමඟ ලකුණු 21ක් ලබාගත් අතර, දැවීගිය ශ්‍රී ලංකා පිතිකරුවන් 5කට ලකුණු 7 සීමාව පසු කිරීමට නොහැකි විය.
අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට අංක 4 ස්ථානයේ දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කළ ද බලාපොරොත්තු වූ ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි වූ අතර, චන්දිමාල් පන්දු 5ක් තුළ ලකුණු 4කට දැවී ගියේය. දඟ පන්දු යවන මෙහෙදි හසන්ගේ පන්දු යැවීමේ විලාශයෙන් ශ්‍රී ලංකාවට විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි විය. හසන් ඕවර 4කදී ලකුණු 11කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත් විය. මුස්ටර්ෆියුසර් රහ්මාන් ඕවර 4කදී ලකුණු 17ක් ලබා දී එක් කඩුල්ලක් දවා ගත්තේය. තරගාවලියේ වීරයා සම්මානය ලිටන් දාස්ට හිමි විය.
විස්සයි20 තරගාවලියේ පළමු තරගය කඩුලු හතකින් පරාජයට පත් වූ බංග්ලාදේශය, දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 83කින් පරාජය කරමින් ශක්තිමත් ප්‍රතිප්‍රහාරයක් එල්ල කළ අතර, එය ටෙස්ට් ක්‍රීඩා කරන ඕනෑම රටකට එරෙහිව ඔවුන් ලැබූ විශාලතම ජයග්‍රහණය විය. මේ ජයග්‍රහණයත් සමඟ දෙපිල විස්සයි20 ආකෘතියේ තරග 20ක් ක්‍රීඩා කළ අතර, ශ්‍රී ලංකාව තරග 12ක් හා බංග්ලාදේශය ඉන් තරග 8ක් ජයගෙන තිබේ. පසුගිය වසරේ සිට පැවති තරග 6කදී ශ්‍රී ලංකාව තරග 3කදී හා බංග්ලාදේශය තරග 4කදී ජය වාර්තා කළේය.(https://www.dinamina.lk/)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart