
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වන අලින්ට වෙඩි තැබීම්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පරිසර අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා තිබේ.
ඒ, පරිසර අමාත්‍ය ආචාර්ය දම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.
මෙරට තුළ දිනෙන් දින අඩුවෙමින් පවතින අලි ගහණය ආරක්ෂා කර ගැනීම සඳහා වහාම දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා එහිදී පෙන්වාදී ඇත.
මීට අමතරව වනසතුන්ට තර්ජනයක් වී ඇති පෞද්ගලික ඉඩම්වල අනවසර විදුලි වැටවල් සවිකිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද එහිදී තීරණය කර තිබේ.
වන සතුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවතින නීති සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති අතර, වැරදිකරුවන් සඳහා නීතිමය වශයෙන් පවතින දඬුවම් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුකිරීමට ද අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
දිනෙන් දින වර්ධනය වන අලි මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලෙස නිසි ලෙස නියාමනය කරන ලද විදුලි වැටවල් සවිකිරීම සඳහා අවදානම් සහිත ස්ථාන හඳුනාගැනීම වෙනුවෙන් අමාත්‍යාංශය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.
මෙම වැට ඵලදායී කළමනාකරණය සහ නඩත්තු කිරීම සහතික කිරීම සඳහා බහු කාර්ය නිලධාරීන් යෙදවීමටත් සිවිල් ආරක්ෂක බළකායේ සහාය ලබාගැනීමටත් රජය සැලසුම් කරයි.
මෙම සහයෝගී ප්‍රවේශය මඟින් රට පුරා අලි මිනිස් ගැටුම් සැලකිය යුතු ලෙස අඩුකිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යාංශය පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart