
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩිව ක්‍රියා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
තම කොමිසම ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කිරිමට සියලු දෙනා බැදීසිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කරයි.
ඒ පිළිබඳව සියලුම අමාත්‍යංශ ලේකම්වරු , පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරු , දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කිරිමටද මානව හිමිකම් කොමිසම පියවර ගෙන තිබේ.
එමෙන්ම මානව හිමිකම් කොමිෂන් සභා පනතේ නිර්දේශයේ සඳහන් කාලය තුළ එම නිර්දේශ බලාත්මක කිරීම පිණිස එම තැනැත්තන් විසින් ගන්නා හෝ ගැනිමට බලාපොරොත්තුවන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද කොමිෂන් සභාව දැනුවත් කළ යුතුය.
කෙසේවෙතත් කොමිෂන් සභාව නිර්දේශ නිකුත් කිරිමෙන් පසු එම නිර්දේශ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඇතැම් නිලදාරින් හා ආයතන ප්‍රකාශ කර ඇත්තේ, ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කර ඇති බැවින් නිර්දේශ ක්‍රියාත්මත කර නොමැති බවයි.
එම කරුණු පදනම් කරගනිමින් ශ්‍රී ලංකා මානව කොමිෂන් සභාව ප්‍රකාශ කළේ , කොමිෂන් සභා පනත අනුව දෙනු ලබන නිර්දේශ සඳහා නැවත අභියාචනා කිරීමේ ක්‍රමවේදයක් නොමැති බැවින් අභියාචනා යොමුකිරීම හේතුවෙන් නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටීමට නීතිමය හැකියාවක් නොමැති බවයි.
එම නිර්දේශ ක්‍රියා නොකරන්නේ නම් ඊට එරෙහිව කොමිෂන් සභාව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ නිලදාරියා හෝ ආයතන වගකීම භාරගත යුතු බව ශ්‍රිලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart