
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආරුගම්බේ සංචාරක කලාපය හරහා අඩ නිරුවතින් ඇවිද ගිය තායි ජාතික සංචාරක කාන්තාවක් පොතුවිල් පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරිනියන් විසින් ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
මෙම සිදුවීම දහවල් 12:30ට පමණ සිදුව ඇති අතර, එම කාන්තාව ඇඳුම් අඩක් පමණක් ඇඳගෙන එක් හෝටලයක සිට තවත් හෝටලයකට ඇවිද යන අයුරු දැකගත හැකි වී තිබේ.
පොතුවිල් පොලිසියේ කාන්තා කාර්ය මණ්ඩලය සමඟ පොලිස් නිලධාරීන් ඇයව පොතුවිල් පොලිස් ස්ථානයට ගෙන ගොස් ඇත.
ඇය අද (15) පොතුවිල් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇය අමෙරිකානු ජාතිකයෙකු සමඟ ශ්රී ලංකාවට පැමිණ ඇති බවත්, මේ මස 11 සිට 20 දක්වා ආරුගම්බේ සංචාරක හෝටලයක නවාතැන් වෙන්කරවාගෙන ඇති බවත් අනාවරණ වී තිබේ.
ප්රසිද්ධියේ අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් අංක 1841 ආඥා පනතේ 4 වැනි වගන්තිය යටතේ ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලිසිය තායි තානාපති කාර්යාලයට ද දැනුම් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart