
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 7ක වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු රේගු නිලධාරීන් විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණි සැකකරු සතුව ඉලෙක්ට්‍රොනික දුම්වැටි නැවත ආරෝපණය කිරීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් ද තිබී ඇත.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ “ග්‍රීන් චැනල්” මාර්ගය භාවිත කරමින් ගුවන් තොටුපොළින් පිටවීමට උත්සාහ කිරීමේදීය.
රේගු නිලධාරීන් විසින් සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී දුම්වැටි කූරු 40,660 ක් සහ ඉලෙක්ට්‍රොනික දුම්වැටි නැවත ආරෝපණය කිරීමට භාවිත කරන ද්‍රව්‍ය ඇසුරුම් 33 ක් සොයාගෙන තිබේ.
සැකකරු 26 හැවිරිදි මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, ඔහු වසර කිහිපයක් ඩුබායි හි අවන්හලක සේවය කර ඇතැයි අනාවරණ වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් රේගුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart