
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘ටීචර් අම්මා’ ලෙස හැඳින්වෙන උපකාරක පංති ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දුට එරෙහිව අන්තර්ජාලයේ අපහාසාත්මක සහ අසත්‍ය අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කිරීම වළක්වමින් අන්තර්ජාල ක්රියාකාරිකයන් තිදෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග කොන්දේසි සහිත තහනම් නියෝග තුනක් නිකුත් කර තිබේ.
2024 අංක 9 දරන මාර්ගගත ආරක්ෂණ පනතේ 24 වැනි වගන්තිය යටතේ හයේෂිකා ප්‍රනාන්දු විසින් ගොනු කරන ලද පැමිණිලි තුනක් සළකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කරන ලදී.
චමින්ද රණවීර, සුදත්ත තිලකසිරි සහ පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.
පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනුෂ්ක රාහුබද්ධ අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකරුවන් අන්තර්ජාල වේදිකා හරහා පැමිණිලිකරු පිළිබඳ අසත්‍ය සහ වෛරය අවුස්සන අන්තර්ගතයන් ප්‍රචාරය කරමින් සිටින බවයි.
එවැනි අන්තර්ගතයන් තවදුරටත් සංසරණය වීම වැළැක්වීම සඳහා කොන්දේසි සහිත තහනම් නියෝග නිකුත් කරන ලෙසත්, වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවට කැඳවන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නීතිඥ දර්ශිකා අයෝමි සහ ධනුෂ උඩවත්ත ද පැමිණිලිකාරිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළහ.
ජූලි 28 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිට පිළිතුරු ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය වගඋත්තරකරුවන්ට නොතීසි ද නිකුත් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart