
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 පෙබරවාරි 7 වන දින GovPay පද්ධතිය ක්‍රියාවට නැංවීමෙන් පසු සුරක්ෂිත ඩිජිටල් ගෙවීම් හරහා ගනුදෙනු 7,024ක් ක්‍රියාවට නංවා ඇති අතර බාධාවකින් තොරව රජයේ ආදායම මිලියන 65.62 ක් උපයා ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ GovPay ගෙවීම් ක්‍රමය නිල වශයෙන් දියත්කළ දින සිට රාජ්‍ය අංශය හරහා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බවයි.
ඒ හරහා අද වන විට මෙම වේදිකාව රාජ්‍ය ආයතන 50කට අධික සංඛ්‍යාවකට සාර්ථකව සම්බන්ධ වී ඇති අතර, එමඟින් සක්‍රීය රාජ්‍ය සේවාවන් 700 කට පමණ ඩිජිටල් ලෙස ගෙවීම් සිදුකිරීමේ හැකියාව පවතින බව ද ඔහු පැවසුවේය.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, දිවයින පුරා රාජ්‍ය ආයතන 50කට ළඟාවීම හුදෙක් සන්ධිස්ථානයක් පමණක් නොව, එය මුදල් රහිත සමාජයක් ගොඩනැගීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික ගමනට GovPay නායකත්වය දෙන බවට පැහැදිලි සංඥාවක් බවයි.
රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමෙන්, රාජ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශ වීම කාර්යක්ෂම කරන අතරම, රටේ ආර්ථිකයට වඩාත් ක්‍රියාකාරීව සහභාගීවීමට සෑම පුරවැසියෙකුටම හැකි වන බව ද ඔහු පැවසුවේය.
මෙය තාක්ෂණික මාරුවකට වඩා වැඩි යමක් වන අතර, එය මූල්‍ය ඇතුළත් කිරීම්, විනිවිදභාවය සහ සියලුදෙනාටම ආර්ථික සවිබල ගැන්වීම සඳහා වන පරිවර්තනීය පියවරක් බව ද ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති හාන්ස් විජේසූරිය පැවසුවේ GovPay යනු ශ්‍රී ලංකාවේ පූර්ණ ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ ප්‍රධාන පියවරක් වන බවයි.
සෑම පුරවැසියෙකුටම රජයේ සේවාවන් සඳහා පහසුවෙන් පිවිසීමට සහ පහසුවකින් ගෙවීම් සිදු කිරීමට හැකි බව ඒ ඔස්සේ සහතික කරන බවත් ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart