July 14, 2025

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස්වරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු නිෂ්කාශන ක්‍රියා පටිපාටි නොසළකා හරිමින් නීතිවිරෝධී ලෙස වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් කොමිසම පවසයි.

සැකකරුවන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.