
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙම වසරේ පළමු මාස 06 තුළ මෙරටින් වාර්තා වූ මාරක රිය අනතුරු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් සංඛ්‍යාලේඛනවලට අනුව ජනවාරි 1 සහ ජූලි මාසය අතර කාලය තුළ මෙරටින් මාරක රිය අනතුරු 1,274 ක් වාර්තා වී ඇති අතර එම අනතුරු හමුවේ සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 1,351 ක් ලෙස වාර්තා වේ.
එම දත්ත්වලට සාපේක්ෂව ඉකුත් 2024 වසරේ එම පළමු මාස 06 පිළිබඳ සලකා බැලීමේදී සිදුව ඇති මාරක අනතුරු 1,166 ක් වන අතර ඒවායෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,222 කි.
ඒ අනුව ඉකුත් වසරේ පළමු මාස 06 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 06 තුලදී මාරක අනතුරු 108 කින් සහ මරණ 129 ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
මාරාන්තික අනතුරු වලට අමතරව, 2025 පළමු මාස හය තුළ බරපතල අනතුරු 2,600 කට වැඩි සංඛ්‍යාවක් සහ සුළු අනතුරු 4,642 ක් මෙන්ම දේපල හානි 2,018 ක් ද වාර්තා වී ඇතැයි පොලිසිය පවසයි.
මෙම වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ දරුණුතම මාර්ග අනතුර වූයේ ඉකුත් මැයි මාසයේදී නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ රම්බොඩ ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී මගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරයි.
එම ඛේදවාචකයෙන් ජීවිත 22 ක් අහිමි වූ අතර 30 කට වැඩි පිරිසක් තුවාල ලැබීය.
එම අනතුරෙන් පසුව තම බල ප්‍රදේශයේ අනතුරු බහුල ප්‍රදේශ හඳුනාගෙන ඒවා අවම කිරීමට අපොහොසත් වන සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට සහ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස පොලිස් මූලස්ථානය නියෝග කර තිබේ.
වැඩබලන පොලිස්පතිවරයා විසින් ඒ සඳහා අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති අතර මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා පොලිස් කොට්ඨාශ 607හිම නිලධාරීන් මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් පාලන ආයතන සමඟ සම්බන්ධීකරණය කළ යුතු බව අවධාරණය කර තිබේ.
මෙවැනි බරපතල අනතුරු නැවත සිදුවන පොලිස් කොට්ඨාශ සම්බන්ධයෙන් ඉදිරි විනය ක්‍රියාමාර්ග ගන්නා බවට පොලිස් මූලස්ථානය අනතුරු අගවා ඇත.
මේ අතර, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කළේ, මෙරට මාර්ග පද්ධතිවල දැනට අධි අවදානම් ස්ථාන 779ක් හඳුනාගෙන ඇති බවයි.
අනාගතයේදී සිදුවිය හැකි ඛේදවාචක අවම කර ගැනීමේ උත්සාහයක් ලෙස මෙම අනතුරුවලට විසඳුම් සෙවීම සඳහා නිර්දේශ දැනටමත් මාර්ග සංවර්ධන අධිකාරියට ඉදිරිපත් කර ඇති බව ද පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart