
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැලේසියාවේ අගමැති මහතීර් මොහොමඩ් තෙහෙට්ටුව හේතුවෙන් රෝහල්ගත කළ බව ඔහුගේ කාර්යාලය නිවේදනය කර තිබේ.
ඒ, ඉකුත් බ්‍රහස්පතින්දා යෙදී තිබුණු ඔහුගේ 100 වැනි උපන්දිනයට දින කිහිපයකට පසුවය.
ඔහුගේ කාර්යාලය මගින් නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව, තෙහෙට්ටුව සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ඔහු මැලේසියාවේ ක්වාලාලම්පූර් හි ජාතික හෘද ආයතනය වෙත ඇතුළත් කර තිබේ.
එහිදී විවේකයෙන් පසුවීමට ඉඩ ලබාදීමෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍යවරයාට ආපසු නිවසට යෑමට අවසර දී ඇත.
මැලේසියාවට සේවය කිරීම සඳහා සිය දිවියෙන් දශක ගණනක් කැපකළ 100 හැවිරිදි මෙම ප්‍රකට දේශපාලනඥයාට මීට පෙර ද හෘද රෝග වැළඳී ඇතැයි වාර්තා වේ.
මෑත වසරවලදී, ඔහු නිරන්තරයෙන් රෝහල්ගත කර ඇති අතර හදවත් සැත්කම්වලට ද භාජනය කෙරිණි.
ඔහු අවසන්වරට රෝහල්ගත කරනු ලැබුවේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී වන අතර, ඒ ශ්වසන ආසාදනයක් හේතුවෙන් බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
වසර 24ක් අඛණ්ඩව අගමැති ධුරයේ කටයුතු කළ ඔහු 2020 දී විශ්‍රාම ගියේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart