July 14, 2025

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරුබදු තවත් අඩුකර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙරට නියෝජිත පිරිසක් අමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

අගෝස්තු 01 වැනිදාට පෙර එම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන බව අපනයන සංවර්ධණ මණ්ඩයේ සභාපති මංගල විජේසිංහ සඳහන් කරයි.

අමෙරිකානු තීරු බදු සහන මෙරටට ලබාගැනීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ සාමාජිකයන් පිරිසක් එලෙස අමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (12) ප්‍රකාශ කළේ, තවදුරටත් අමෙරිකාවෙන් බදු සහන ලබාගැනීම පිළිබඳව අඛණ්ඩ සාකච්ඡා කරන බවයි.