
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්පිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ කැඩී ගිය ශීතකරණයක්, කිසිදු අලුත්වැඩියාවකින් තොරව මාස හයක් තිස්සේ අක්‍රියව පවතින බව වාර්තා වේ.
එහි ප්‍රතිඵලයක් ලෙස එම මූලික රෝහලේ මළ සිරුරු බලපිටිය හෝ කරාපිටිය රෝහල් වෙත යැවීමට සිදුව තිබේ.
2005 දී ඇල්පිටිය රෝහල මූලික රෝහලක් බවට පත් කළද නිසි මෘත ශරීරාගාරයක් ස්ථාපිත කර නොතිබිණි.
පසුව කුඩා මෘත ශරීරාගාරයක් පිහිටුවන ලදී.
ශීතාගාරයක් ලෙස වෙනස් කරන ලද බහාලුම් පෙට්ටියක මළ සිරුරු තබා ඇත.
කෙසේවෙතත් කාලයත් සමඟ බහාලුම් පෙට්ටියේ දොර මලකඩ කා ඇති අතර මළ සිරුරු කල් තබා ගැනීමට අවශ්‍ය උෂ්ණත්වය පවත්වා ගැනීමට නොහැකි වී තිබේ.
ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඒ.එච්. කුරුප්පු ආරච්චි පැවසුවේ ඇල්පිටිය සම්බන්ධීකරණ කමිටුව සමඟ සාකච්ඡා කර විසඳුමක් සෙවීමට කඩිනම් පියවර ගන්නා බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart