
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාවික හමුදා නිලධාරීන් විසින් පදිංචිකරුවකුට පහර දුන් බවට චෝදනා එල්ල කරමින් ඒ සම්බන්ධ සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා නොරොච්චෝලේ, දළුව ගම්වැසියන් පසුගිය බ්‍රහස්පතින්දා විරෝධතාවක නිරත වී තිබේ.
63 හැවිරිදි නෙවිල් මර්වින් ප්‍රනාන්දු නම් පදිංචිකරු පෙර දින කැඩු පොල් ආරක්ෂා කිරීම සඳහා ඔහුගේ පොල් ඉඩමේ රාත්‍රියේ රැඳී සිටි අවස්ථාවේ නාවික හමුදා නිලධාරීන් පිරිසක් එම ඉඩමට ඇතුළු වී තිබෙන බවත් ඔවුන් රාත්‍රියේ ඔහුගේ ඉඩමේ රැඳී සිටින්නේ මන්දැයි ප්‍රශ්න කළ පසු ඔහුට පහර දී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.
පහරදීමෙන් පසු ඔහු රෝහල් ගත කර තිබේ.
නාවික හමුදාව සහ පොලිසිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උදව් කරන බවත්, රාත්‍රියේ වෙරළට ආසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් සිටීම ගැන නාවික හමුදාව සහ පොලිසිය නොසතුටු බවත් පවසමින් බ්‍රහස්පතින්දා ගම්වැසියන් ඔවුන්ට එරෙහිව විරෝධතාවක් පැවැත්වූහ.
නිවැසියකු වන නෝමන් ලිවේරා පැවසුවේ මත්ද්‍රව්‍ය සහ බීඩි කොළ ජාවාරම් කරන අය ප්‍රදේශයේ නාවික හමුදාවේ සහ පොලිසියේ සහාය ඇතිව ක්‍රියාත්මක වන බවයි.
එවැනි ක්‍රියාකාරකම් සිදු වූ දිනවල නාවික හමුදාව සහ පොලිසිය ඔවුන් වෙරළට යෑම වැළැක්වූ බව ඔහු කියා සිටියේය.
නාවික හමුදා නිලධාරීන් විරෝධතාකරුවන්ගේ ඡායාරූප ගන්නා අයුරු දැකගත හැකි වූ බවත්, ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් ගම්වැසියන් එම ඡායාරූප මකා දැමීමට බල කළ බවත් ප්‍රදේශවාසීහු පවසති.
පොලිසිය ද දහවල් වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට මැලි වී ඇත.
පසුව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර තිබේ.
කෙසේවෙතත්, කිසිදු පරීක්ෂණයක් සිදුවන බව තමන් නොදන්නා බව ගම්වැසියෝ කියා සිටියහ.
නාවික හමුදා ප්‍රකාශකවරයා ගම්වැසියන්ගේ චෝදනා ප්‍රතික්ෂේප කළේය.
The Sunday Times
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart