
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2012 වසරේ දී යතුරුපැදිකරුවකුට හිස්වැස්මකින් ප්‍රහාර එල්ල කළ කළුතර රථවාහන පොලිස් නිලධාරියකුට එම වින්දිතයාට වන්දි වශයෙන් රුපියල් 100,000ක් පෞද්ගලිකව ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
තීන්දුව ජූලි 7 වැනි දින නිකුත් වී තිබිණි.
අදාළ සිද්ධියේ දී යතුරුපැදිකරු වූ මනෝජ් ශාමික බරපතළ අස්ථි බිඳීම් සහ දත් කැඩීම ඇතුළු තුවාල ලබා තිබිණි.
පොලිස් පරීක්ෂණයේ දී ද ඔහුට අසාධාරණ සැළකිලි ද ලැබී තිබිණි.
2012 දී සිදු වූ මෙම සිදුවීම අවසානයේ තිදෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් සළකා බලා ශාමිකගේ මූලික අයිතිවාසිකම් සැබවින්ම උල්ලංඝනය කර ඇති බව සොයා ගන්නා ලදී.
සිදුවීම පිළිබඳ පොලිසිය ප්‍රකාශ කර තිබුණේ ශාමිකට යතුරුපැදිය නතර කරන ලෙස ඉල්ලා සිටි විට ඔහු පොලිසිය පසුකර වේගයෙන් ගොස් බිත්තියක ගැටී ඇති බවයි.
කෙසේවෙතත් අදාළ පොලිස් නිලධාරියා වධහිංසාවලින් මිනිසුන් ආරක්ෂා කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය උල්ලංඝනය කළ බව තීන්දුවේ සඳහන් විය.
පොලිස් පරීක්ෂණයේ දී නිලධාරීන්ගේ පැත්තෙන් කිසිදු වරදක් සිදු වී නොමැති බව සොයා ගන්නා ලදී.
කෙසේවෙතත්, මෙම විමර්ශනය අසතුටුදායක බව අධිකරණය තීරණය කළ අතර එය සිදු කළ ආකාරය සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් මතු කළේය.
“පෙත්සම්කරු හෝ ඔහුගේ මිතුරා සාක්ෂි ලබා දුන්නාද?, සාක්ෂි ලබා දුන්නේ පොලිස් නිලධාරීන් පමණක්ද? ” යන්න විනිසුරුවරු ඇසූහ.
පරීක්ෂණය ‘නිරුවත් වාර්තාවක්’ බවට පත් වූ බව තීන්දුවෙන් සොයා ගත් අතර පොලිසියේ හැසිරීම ද හෙළා දුටුවේය.
ඔවුන් විමර්ශනය පරීක්ෂා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වගකිව යුතු බව ද ප්‍රකාශ කෙරිණි.
අධිකරණය හමුවේ පෙනී සිටීමට හෝ විරෝධතා ගොනු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් චූදිත නිලධාරියාගේ අධීක්ෂකවරයා ද හෙළාදැකීමට ලක්විය.
නඩුව සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාව ‘නීතිය ඉදිරියේ සමානව සැලකීමට අයිතියක් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක්’ බව අධිකරණය සොයා ගත්තේය.
පීඩාවට පත් පාර්ශවය වන ෂාමිකට රජයෙන් රු. 30,000ක් සහ රු. 25,000ක් බැගින් ගෙවීමට නියම කළ අතර, ඔහුට පහර දුන් පොලිස් නිලධාරියා විසින් රු. 100,000ක වන්දියක් ගෙවන ලෙස නියෝග කරන ලදී.
අධිකරණ තීන්දුව සැළකිල්ලට ගනිමින් නිලධාරියාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව පොලිස් නීති දෙපාර්තමේන්තුව පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart